.

.

May 17, 2016

එයාර් ලංකා පමණක් නොව, සියළු සුදු අලි, ප්‍රතිව්‍යූහගත කළ යුතුය. - Restructuring of Air Lanka


අපි කරපු පාඩුව..., මේන් මෙච්චරයි...
මේ ගොබ්බ ආන්ඩුව කොයි තරම් පීචන්ද කියනවා නම්, ටැලිවොසොන් එකේ යන කුකුළන් කෙටවීමේ වැඩ සටහන් වලදි හොරු අල්ලන්නේ නැත්තේ ඇයි කියලා අහන්නේද, රට විනාශ කල කම්බා හොරුය. උන් එසේ අසන්නේ නිකමට නොවේ. ඒ මගින් කියනා අනෙක් පනිවිඩය නම්, උඹලා අල්ලයි අපේ නැට්ට කියනා පණිවිඩයය. ඒ සියළුම නිළධාරින් මුන් සල්ලි වලට බාලා අහවරය. එජාපයේ හිටපු නීතීපතිවරු හා මහා ප්‍රාඥ්ඥයෝ බාපු උන්ට, නිළධාරි බානා එක නිකං කජු කනවා වගේ ගේම්ය. රට කාපු මහ එකා උන්ගේ මගුල් කන්නත් එනවාය. අන්තීමට උන් ඔක්කෝම එක කුලයේය.

අම්මට සිරි ලංකාවේ අධිකරණය කියන්නේ ජරා ගුහාවක්ය. අලි හොරු, ස්ත්‍රී දූෂකයෝ නඩු බලවන තැනක්ය. වටින් ගොඩින් ලැබෙනා නිව්ස් වලින් පෙනෙන්නේ, නීතීපති දෙපාර්තමෙන්තුව කියන්නේ, මහින්දවාදින් බල්ටි ගහනා තැනක්ය. නීතීපති දෙපාර්තමේන්තුව පමණක් නොව, රනිල් වික්‍රමසිංහත් එක්ක කෝපි බොන නෝනා කෙනෙක් ඉන්නවා යැයි කියූ, අල්ලස් හා දූෂණ කොමිසමෙන්ද කරනා රෙද්දක් නැතිය.

ආන්ඩුවේ හාල් පාරු ඇමතිවරු අපිට කියන්නේ මේවාට වෙනම උසාවි පිහිටවන්න ඕනා කියලාය. වෙනම උසාවි පිහිටවන්න ගියපු සෙට් දෙකක්ම, උතුරේ මෙන්ම දකුණේද පුක නැති වෙන්නම කාපූ හේතුවෙන්ද, දැනට ජීවත් වන උන්ගේ ගෝලයන්ට එහෙම ඉල්ලගෙන කෑවේ නැති උනාට, මුන් එක්කම එකතු වී ඒ වාගෙම කන්නට පුළුවන් හෙයින්ද, ඒ වැඩේ අපිට කොරන්නට බැරිය. තොපි ඔතනට යැව්වේ ඒවා අපිට කොරන්න බැරි නිසාය.

මේ දවස්වල එයාර් ලංකා එක ප්‍රතිව්‍යූහගත කරන්නෙයි කියලා දියවන්නාවේ හරක් ගාලේ තප්පුලෑමේ සෙසොන් එකක් යනවාය. අපි නම් එදා ඉඳලාම කියන්,නේ ඕවා පෞදගලීකරණය කරන්නැයි කියලාය. අප කියපු දේ හරිය කියා, එය පෞද්ගලීකරණය කිරීමෙන් පැසු ලැබූ ලාබයෙන්ම පේන්නේය. මේ රටේ ජනතාව හූරගෙන කන්නේ, ආන්ඩුවේ මේ වගේ සුදු අලි මේන්ටේන් කොරන්නටය. එයින් හොඳම එක එයාර් ලංකා එකය. හැම එකාම ඒක භාවිතා කොරන්නේ, බොක්කෙන්ම ෆිට් උන්ට ඉහඟෙන කන්නටත්, නෑයන්ට හා සෙට් වෙන කෑලී හා හොර අඹුවන්ට ජොබ් එකක් දීමටත් වාගේ දේවලටය. අනෙක් උන්ට පිලිවෙලින් හම්බ වෙන්නේ පෙට්‍රෝලියම්, හාබර්, රේල්ලුව හා බස් කොම්පැනිය. ලේඩ්ඩුන්ට හම්බ වෙන්නේ ඉස්පිටිතාලේ මක්කා හරි එකක්ය.

මේ කාළකන්නින් මේන්ටේන් කොරන්න ඕනා ජහ මනයාය. අපි නම් කියන්නේ ඔය ඔක්කෝම පෞදගලීකරණය කලත් අවුලක් නැතෙයි කියලාය. හැබයි එතකොට වැඩ බැරි හෙංචයියලාට ජොබ් දෙන්න තැන් නැති වෙනවාය. මස්සිනාකරණය උන ගුවන් සේවය උන් පාවිච්චි කළේ අන්තඃපුර ලෙසය. මාමලා බෑනලා හිතේ හැටියට කාම සුඛල්ලිකාණූ යෝගයේ හා අදින්නා දානාවේ යෙදුනේ මේවා උන්ගේ අම්මා අප්පාගේ බුදල් කියලා හිතා ගෙනය. අරලිය ගහ මන්දිරේ ඉන්නා අම්බපාලියන්ටත් පඩි ගෙවා තිබුනේ, එයාර් ලංකා එකෙන්ය. පඩි ගෙවන්න කියලා නියෝග කරලා තිබුනේ මහත්තයෙක් වාගේ උන්, නොම්මර එකේ වහලෙක් උන ලලිත් වීරතුංගය.

එයාර් ලංකාවෙන් කාලා තියෙන ගාන "සොච්චම්" ගානක් කියා පාර්ලිමේන්තුවේ කියන්නේ, බන්දුල ගුණවර්ධන නම් 2500 න් පවුලකටම කන්න හැකිය කියපු මී ගවයාය. දැන් ඒ මී ගවයාට මහා ළොකුම හොරකම වී තියෙන්නේ අර්ජුණ මහෙන්ද්‍රයා කන කෑමය. අපට නම් මුන් ඔක්කෝම කම්බා හොරුය. මේ මී ගවයා සොච්චම් මුදලක්ය කියා කියන්නේ නිකමට නෙමේය. මුන් උන් හොරා කාපුවා කියන්නේ බිලියන් වලින්ය. අනික් උන් හොරා කන ඒවා කියන්නේ ලක්ෂ හෝ කෝටී වලින්ය. එතකොට බන්ධුල වාගෙම හරක් බයියන් හිතන්නේ, අනේ අපි කාළා නෑ නේ අනේ කියලාය. මේ ගනන් අපේ බුද්ධිමත් ජනතාවටත් තේරෙන්නේ නැති නිසා, මුන් කෙලලා තියෙන හැටි මේන් මෙහෙම කියලා දෙන්න වෙනවාය.

සමස්ත පාඩුව කෝටි 46,100 කි

ඒ අනුව මේ මුදලින් එක්කෝ

නෙළුම් කුළුණු 33 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
කොළඹ - කටුනායක හයි වේ 10 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
පෝට් සිටි 3 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
මත්තල ගුවන් තොටුපලවල් 17 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
හම්බන්තොට වරායන් 9 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
සියළු පහසුකම් සහිත් රෝහල් 35 ක් සෑදිය හැක.

ජෙප්පන් නම් අහන්නේ යහපාලන ආන්ඩුව පත් කල කළමණාකාර මන්ඩලයට මේක ගොඩ දාන්න ප්ලෑනක් නැද්ද කියලාය. වැලිඅමුණ වාර්තාව "What is this Fuck" කියා රිජෙක්ට කරලා තියෙන්නේ මේ ආන්ඩුවෙන් පත් කරපු මහ එකාය. ඒ කියන්නේ උන් කරන්න හදන්නේත් මස්සිනා කරපු වැඩේමය. ආන්ඩුව හරියට කළමණාකරනය ගන්න බැරි හාල් පාරුවන් පිරිසකට, ආයතන පාළණය කොරන්න දෙනවා කියන්නේ හරිය නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ ගේමක්ය. ඉබ්බා දියට දැම්මා වගේ ගේමක්ය. ඕක ගොඩ දෙමීම කෙසේ වෙතත්, හත් මුතු පරම්පරාව ගොඩ යන්නේ කෙසේද කියා නම් ප්ලෑන් එකක් දැනටමත් හදලා ඇතිය.

පෙර වාසනාවකට ඕක කලින් බාර දුන්න ඇමතියා ඔතනින් එලවලා වෙනත් තැනකට දැම්මේය. දැන් රජ මස්සිනාලා එතන කරපු අදින්නා දානා ගේම්, ඒ යකා දැන් ඉන්න තැන රෙජිමයකුත් හදාගෙන ෆුල් ආතල් එකේ ගෙනියනවාය. පට්ටම සීන් එක කියන්නේ පුතාලාට එහෙම කොරන හැටි කියලා දෙන්න උපදේසිකාවක් ලෙස රෙජීමයේ අම්මාත් එතන ඉන්නා එකය. පුත්තු කාමේසු මිච්ඡා චාරා හා අදින්නා දානා කරන කොට, අම්මා පවුලේ ඉතිරි අයට කිරි පිඬු දාන දෙනවාය. 

ජෙප්පන් කියනවා මෙන්ම, පාඩුව ආන්ඩුව විඳ දරා ගන්නවා කියන්නේ, එක අතකින් අනාගත හොරුන්ටත් උඩ ගෙඩි දීමය. එමෙන්ම පුකත් නැති වී, ගං වතුරත් ඔළුවට උඩින් ගිය ජනතාවට, එසේ සිටියදීම බලහත්කාරයෙන් පශ්චාත් භාගයේ රමණයේ යෙදීමක්ය. සම හරක්ට ඒකෙත් ආතල් එකක් තියෙන්නත් පුළුවන්ය. විශේෂයෙන් බයියන් කියන්නේ මහින්ද මහත්තයා එහෙම කරත් අවුලක් නැති උන්ය. උන්ට අවුල තියෙන්නේ සිරිසේන එහෙම කොරනා කොට ඉතරය. අපද කියන්නේ, මේ හොරා කාපුවා, උන්ගේ සබ්බ සකල මනාවම ආන්ඩුවට පවරා ගෙන අය කර ගත යුතුය කියලාය. මේ රටට කෙල වෙලා තියෙන්නේ මහ උන්  රිසි සේ හොරා කෑමත්. ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමත් නිසාමය..

අපි නම් කියන්නේ, ගුවන් සේවය ඉතරක් නොව, හාබර් එකත් ප්‍රතිව්‍යූහගත කරලා කාළකන්නි දේසපාලුවන්ගෙන් ඕවා අයින් කරලා තියන්න කියලාය. ආන්ඩුව බිස්නස් කිරීමෙන් වලකින්නය කියලාය. එහෙම නැත්නම් ඊ ළඟට වන්නේ, තවත් රෙජිමයක් කළ විනාසයක් ගැන, දියවන්නාවේ මී හරක් ගාලේ තප්පු ලන්නය.

ඒ වගත් මෙසේය......

73 comments:

  1. අල්ලයි ඉතිං නැට්ට..

    සිස්ටම් අවුල් අයියා සිස්ටම් අවුල්. ඒක හදන්න හොද සුපිරි ප්‍රෝගැමර් කෙනෙක් එන්න ඕන.. අන්න එදාට අපි දිනුං.. මේ කපේ නං එහෙම එකෙක් පේන්නෑ..

    ReplyDelete
    Replies
    1. හොරු අල්ලන සීන් එකක් නෙමෙයි බං තියෙන්නේ...

      හොරා කන්න සල්ලි නැති සීන් එකක්... අදත් අර භාන්ඩාගර සෙල්ලම කොරනවයි කියන්නේ... වෙන කරන්න හොර කමක් නැතිව....

      Delete
    2. මං කියන්නේ ඔය පාඩු සිද්ධ උනේ ගසා කාලනං අර කිව්වත් වගේ සිංහයෝ වෙලා කියන ඒවට. “කෝ ඇල්ලුවද? කෝ ඇල්ලුවද??“ කියන එක..

      Delete

    3. වෙන කවුරුවත් ඔනෑ නෑ එයාර් ලංකා ගොඩගන්න

      "සියල්ල දත් මාතලං පණ්ඩිතයට" දුන්නනං හරිනෙ..!

      ප්ලේන් එළෙවුවෙ නැති උනාට මිඩිලීස්ට් වල වාහන එළවල පලපුරුද්දත් තියනවනෙ.

      Delete
  2. //ආන්ඩුව බිස්නස් කිරීමෙන් වලකින්නය කියලාය. එහෙම නැත්නම් ඊ ළඟට වන්නේ, තවත් රෙජිමයක් කළ විනාසයක් ගැන, දියවන්නාවේ මී හරක් ගාලේ තප්පු ලන්නය.//

    හොරා කෑමට අවස්ථා ඇති තාක් හොරා කෑම නැවැත්වීම පහසු නැත. රජය බිස්නස් කරනවා කියන්නේම හොරකමට හා නාස්තියට අවස්ථා හදා දීමකි. එසේ නොවූ තැන් ඇතත් වැඩිපුර සිදුවන්නේ මෙයයි. හොරා කෑම නැවැත්වීමටනම් කළ යුත්තේ හොරා කෑමට අවස්ථා ඇති අවස්ථා නැති කිරීමයි. පස්සේ කෑවෝ කියා කෑ ගැහුවත්, අල්ලලා හිරේ දැම්මත් අන්තිමට බොහෝ විට වෙන්නේ අල්ලන්නට යන වියදමත්, හිරේ දමා නඩත්තු කරන්නට යන වියදමත් මුල් පාඩුවට එකතු වීම පමණි. නාස්ති කළ වියදම් කොතරම් විශාල වුවත් ඒවා නැවත ලැබෙන්නේ නැත. පහසුවෙන් නාස්ති කරන්නට හා හොරකම් කරන්නට අවස්ථාව ලබා දී එසේ නොකරන මිනිස්සු ලැබෙන තුරු බලා ඉන්නා අය ගැන කියන්නට ඇත්තේ හරියයි පමයි කියන එක පමණි.

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ මේක විකුණනවට විරුද්ධ... අර අමාත්‍යංශ පහක් හම්බ උන කාළේ එයාලගෙ අය එකතු වෙලා කෑවා වගේ... එයාර් ලංකා එකත් කන්න හම්බ උනොත් හොඳයි කියලා හිතාන වෙන්ඩ ඇති හිටං....

      Delete
    2. ජෙප්පො අහන්නේ මිලියන් ගනන් පඩිගෙවාගෙන පත්කරපු අලුත් පරිපාලනයට මේ ආයතනය නගා සිටුවීමට ඇඩප්ටිව් ස්ට්‍රැටෙජි එකක් හදන්න බැරි ඇයි කියලා. පත්කරලා ඉන්නේ 'වැඩ බැරි රෝයලිස්ට්ලා' කට්ටියක් නම් විකුනන් කන එක තමයි වෙන්නේ. හදන්න යනකොට ස්ටාෆ් අඩුවෙයි, කොස්ට් අඩුකරන්න වෙයි, ඒ වගේ බරපතල වෙනස් කම් කරන්න වෙයි. එදාට පප්පලා, ජෙප්පලා ඒ වැඩේට අත නොදා හිටියනම් හරි. ඇයි අපිට එක්ස්පර්ට්ස්ලා නැද්ද? එයාර්ලයින් එකක් ගොඩදානා ස්ට්‍රැටජි එකක් නැත්නම් රටක් ගොඩදන්න ස්ට්‍රැටජි එකක් තියෙයිද? එහෙම බැලුවොත් රටත් විකුනයිද :D

      Delete
    3. /* පත්කරලා ඉන්නේ 'වැඩ බැරි රෝයලිස්ට්ලා' කට්ටියක් නම් */

      හැක, හැක!
      මෙන්න මේ කට්ටියව දාන්න පීස්.
      1. සා රස
      2. අරූ
      3. මාතලන්
      4. නෙලුං අජිත්

      ;-)

      Delete
  3. නෙළුම් කුළුණු 33 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
    කොළඹ - කටුනායක හයි වේ 10 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
    පෝට් සිටි 3 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
    මත්තල ගුවන් තොටුපලවල් 17 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
    හම්බන්තොට වරායන් 9 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
    සියළු පහසුකම් සහිත් රෝහල් 35 ක් සෑදිය හැක.......

    මාතලන් කියන නිසා සිරි ලන්කන් එයාර් ලයින් එක සම්පුර්ණයෙන්ම වහලා ඔය බජට් තියන ඉහල සඳහන් ප්‍රොජෙක්ට් කරමු. බජට් නැති ප්‍රොජෙක්ට් කරපු අයත් ඉන්න එකේ [උපදෙස් අවශ්‍යම නම් ධර්මේ මාතලන් ඇතුළු නිවුස් වෙබ් නඩේගෙන්] ඕක සම්පුර්ණයෙන්ම කලහම අහවරයිනෙ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ජපන් ඇනෝ. අපට දුන්නොත් කරල පෙන්වන්නම් නියමට.

      Delete
    2. එකත් අර සම්මාන දුන්න එක වගේ වෙයිද කෝකටත් මංගලව කොන්ටැක් කරලා කරුට කියලා ඉල්ලා ගන්න නොදි ඉන්න එකක් නෑ ආරක්ෂාවට වයසක විචාරකවත් බොඩි ගාඩ් කෙනෙක් හැටියට අරගන්න ඉතුරු කට්ටිය සල්වෙසෝන් ආමි එකෙන් එයා ගෙනෙයි හුම් හුම් ගාන්නිව ගන්න ලේකම් පුටවකට.

      Delete
    3. එකත් අර සම්මාන දුන්න එක වගේ වෙයිද කෝකටත් මංගලව කොන්ටැක් කරලා කරුට කියලා ඉල්ලා ගන්න නොදි ඉන්න එකක් නෑ ආරක්ෂාවට වයසක විචාරකවත් බොඩි ගාඩ් කෙනෙක් හැටියට අරගන්න ඉතුරු කට්ටිය සල්වෙසෝන් ආමි එකෙන් එයා ගෙනෙයි හුම් හුම් ගාන්නිව ගන්න ලේකම් පුටවකට.

      Delete
  4. මේ යකා හීනයක් දැකලා කෝ... කොහේද බන් හොරු ..... කවුද හොරකම් කරේ ......
    ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගනින් අපිට වැඩ නොදී..

    එක නොවේ රොකට් රෝහිණී අක්කා මතක් කරා කියපන්

    ReplyDelete
    Replies
    1. මේ රට හීඟන රටක්ය කියලා හිතුවය හොරු ඉන්න.....

      Delete
  5. ස්‍රීලන්කන් එක එමිරේට් එකෙන් ගැනීම හා මිහින් ලංකා කියල තවත් එකක් හැදීම ආර්ථික ඝාතන ගණයට වැටෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම උන් ඉඳලා නෑ නේ... ඊයේ අර ගොන් බන්දුල කියන විදියට... මේ රටේ ඉතිහාසයේ හොඳම ආර්ථික කළමණාකරනයක් තිබිලා තියෙන්නේ, මහින්ද රාජපක්ෂ යුගයේ කියනවනේ... මිහින් එයා එකත් "එයා සිරා" නොකලොත් තමයි පුදුමේ... මොකෝ පොර ඒ තරම් සිරා ටෝක් දෙන්නේ... මේ දවස් වල පත්තරේ හම්බ උනේ නැතිව ඇති වැස්ස නිසා... හිඟ දවසකින් සිරා ටෝක් එකක් නැත්තේ....

      Delete
    2. මාතලන්ට කන් ඇහෙනවාද සැකයි. මොකෝ බන්දුල ගුණවර්ධන මහතා නම් කතා කලේ පසුගිය රජයේ රාජ්‍ය ණය කළනමනාකරණය ගැන මිස රාජ්‍ය ආයතන කළමනාකරණය ගැන නෙමෙයි.

      Delete
    3. කනේ නෙමේ ප්‍රශ්නෙ තියෙන්නෙ මුගෙ මොලේ.

      Delete
  6. ඔය සියළුම කෙළි වලට ප්‍රදානම හේතුව හිටං ගොයියා පක්සයක් බදාගැනීමය.. අවුරුදු හතරෙන් පැන්සොන් යනවා කියපු එකා පක්සයක් හදන්නට දඟලනවාය. ඌ නගා හිටවන්නට යන පක්සයේ , අල්ලස් තනතුරු දී බාගන්නට සිදුව ඇත්තේ පරණ කම්බා හොරු සෙට් එකමය. නිදහස් පස්සයේ ඒ ඒ ප්‍රදේස ලොක්කන් ඔක්කෝම පැල් බැඳගෙන ගසාකාපු කම්බා හොරුන්ය. පස්සයේ බලය රැකගන්නට නම් උන් අල්ලාගත යුතුය. හිටං ගොයියා දැන් කොරන්නේ ඒකය. ඒ නිසාවෙන් උන් ඔක්කෝම "ඇල්ලුවද හොරු" යයි අසමින් සරම උස්සා පෙන්නන පුක දෙස බලාගෙන සිටීමට සිදුව ඇති අයුරු සෝචනීයය.
    මාද්දිය නිදහසෙන් හොර රැල සහ මහ හොරා චුතවීමෙන් නන්නත්තාර වූ පිරිස උපරිම ප්‍රයෝජනේ ගන්නවාය. ඉස්සර කට පුක වසාගෙන ගොළුවා තිත්ත බේත් බිවු ලෙස හිටපු එව්වෝ දැන් එළිපිට වහසි බස් දොඩනවාය. බිලියන් ගණනින් ගසා කෑ එවුං කටේ අතුල්ලන්නට එනවාය. පක්සය රකින්නට වළිකන හිටං පෙන්දා මුනිවත රකිනවාය. ආණ්ඩුව මොකාගේදැයි නොදැන තක්බීර් වී සිටින යූඇම්පී කාරයනුත් හොල්මං වෙලාය. කොරන්නට තිබුණේ 105 තිබුණ වෙලාවේ තව මොක්කු මොක්කු හෝ ටිකක් බාගෙන යූඇම්පී ආණ්ඩුවක් හදන්නටය. ඊට පස්සේ කොනක ඉඳන් මහ රජාගේ පටන් ප්‍රාදේසීය සබා මන්තිරියා වෙනකල් හොරා කෑ උන් හිරේ දමන්නටය. හිටං ලොක්කත් එක්කත් බැරි නම් ඌටත් ගේමක් වත් දෙන්නය. පෙරමුණේ ප්‍රතිපත්තිය වෙනස්ය. යූඇම්පියේ මෙව්වා එක තවත් එකක් ය. ඔය දෙක කලවං කොරන්නට මොකාටවත් බැරිය. ඒ කලවං කැඳ හැලිය බොන්නට වී තියෙනා අපේ එවුන්හට හැදී තිබෙන බඩේ රුජාවේ බඩ යෑම නවත්තන්නට පොල් මුඩු ලොරියක් ගැහුවත් බැරිය.

    ReplyDelete
    Replies
    1. හිටං ගොයියා ජනවාරි 8 ඡන්දය ඉල්ලුවේ සිරි ලංකා වහල් පක්‍ෂය ගොඩගන්ඩ කියලා දැන් පැහැදිලිය. අන්තිමේදී හිටං ගොයියා නොදැනුවත්වම පක්‍ෂයේ වහලෙක් වී ඇත.

      Delete
    2. ඇත්තම කතාව
      +++++++++++++++++++++

      Delete
    3. හෝදන්න දෙයක් නෑ මස්සිනා ඕං තොරණේ විස්තරේ !!!

      Delete
  7. "Justice delayed is justice denied" කියා ඉංගිරිිසියෙන් කියමනක් ඇත. එය" යුක්තිය ඉටුවීම ප්‍රමාදවීම යුක්තිය ඉටුනොවීමකි" කියා කිවහැකිය. දැන් ඔය යුක්තිය ප්‍රමාදවීමට යහපාලනය කිසිම පියවරක් ගන්නවාදැයි නොතේරේ. මේ වායින් වාසි වන්නේ ලොයර් මහත්තුරුන්ට විතරය. රස පරීක්‍ෂක, සහ නීතිපති නිදි ! මුන් ඈහැරවීමට අපි කුමක් කල යුතුද ?

    ReplyDelete
  8. "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)

    ඔන්න දැම්මා මාතලන්ගෙ බොලොග්ගේ ප්‍රදර්ශනය වන වැකියම...මේක ගැලපෙයි නේද...

    අසංක

    ReplyDelete
    Replies
    1. හරි කුරුටු...ලැස්කි හරියටම හරි. ඒත් මේ ආණ්ඩුවට තව කල් තියෙනවා. බලන් ඉන්න වෙනවා. මොනවා වුනත් මහින්ද ලොක්කාගේ වනචර දශකය තරම්ම වනචර එකක් වෙන එකක් නැහැ සහ නොවේවා කියලා හිතනවා. වනචර දශකයේ ඉතිරිකරපු රෙද්ද අස්සේ ධාතු තමයි මාතා ඔය උඩ ෆොටෝ එකකින් දාලා තියෙන්නේ.

      Delete
    2. // මොනවා වුනත් මහින්ද ලොක්කාගේ වනචර දශකය තරම්ම වනචර එකක් වෙන එකක් නැහැ සහ නොවේවා කියලා හිතනවා. //

      "පු"යන්න "ක"යන්න තමා!

      Delete
    3. සරස....ඔය උඩ ෆොටෝ එකේ ඉන්න එකාගේ පු යන්න ක යන්න හරියෙම තියෙන ප යන්න ක යන්න අතගාලා බැලුවානම් ඔය කියන වනචරකම හොයාගන්න පුලුවන්.... තව ඉන්නවා.

      Delete
    4. අරුන පෙරේරා උන්නැහේට මෙලෝ වැඩක් බැරිව මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වැයකොට අතේ පැලවෙන බේගල් සමාජ ගතකරමින් සියල්ල පරන ආණ්ඩුවට බැරකොරන යහපාලන ගොන් හැත්තගේ පට්ටපල් කෙබර අසා ඉබේ චූන් වී පුක උඩ දමමින් තප්පුලමින් දඟලා වෙහෙස බව පෙනේ. අනික් අතින් කාලකණ්ණි මරා කල්ලියේ බඩ එළිය හෝද හෝද මඩේ ලගින සාරස ඌරාටද මඩේ නටා හතියි නේද? අපට කීමට ඇත්තේ මෙයයි.

      "මහන්සියි වගේ..... බොමුද සීතල වතුර වීදුරුවක්?

      Delete
    5. අම්මට උඩු Aruna Perera කියන්නෙත් රනී, මොංගල, සාගල, අකිල වගේ තවත් එක ලොල්ලෙක් වගේ. හික්ස්. දැන් ලොල්ලො වැඩිවේගෙන එන්නෙ. :D :D :D

      Delete
    6. ඇනෝ ...ශ්‍රීලන්කන් එක ගොඩදාගන්න බැරිව දඟලන එක අතේ පැලවෙන බොරුවක්ද? නිශාන්ත වික්‍රමසිංහලට,කපිල චන්ද්‍රසේනලාට වගේම අජිත් ඩයස්ලා,සුරේන් රත්වත්තලාටත් මේවට විසඳුමක් හොයන්න බැරිවෙලා තියෙන බව බොරුවක්ද....හරි හමන් ක්‍රමවේදයක් සොයාගන්න බැරුව නිකං පඩිකන සෙට් එයාර් ලයින් එක එදත් අදත් කුජීත කෙරුව එක බොරුවක්ද?

      Delete
  9. /ටැලිවොසොන් එකේ යන කුකුළන් කෙටවීමේ වැඩ සටහන්/ +++++++++++++++++++++++++++++

    ReplyDelete
  10. හාබර් එකේ කෙහෙල්මල් ප්‍රතිවෘහගතයක් අවශ්‍ය නැත. හම්බන්තෙට වරායට ගත්ත නය මුදල අද ගෙවන්න වෙලා තියෙන්නේ හාබර් එකේ 9500ක් වන සේවකයන්ටය මේ නය ගත්ත එවුන් අද එලියේ ජොලියේ ඉඳති. හාබර් එක හදන්ට ආපු පුතයා ගැන ඉහත කියා තිබෙන නිසා වෙනම ලියා වැඩක් නැත.

    ReplyDelete
  11. මාතා උඹේ හෙඩිමට එකඟයි..ඇත්ත සුදු අලි ප්‍රදර්ශනේට නෙමෙයි වැඩ ගන්න තත්වෙට පත්කර ගත යුතුයි. ඒක මුන් කරයිද සහ මුන්ට කරන්න දෙයිද කියන එක ගැටලුවක්.

    ReplyDelete
  12. Yes Yes all must anti structurise. All with govemen must do anti structurise. Good Good Maathalan we saprt up leval.

    ReplyDelete
  13. මහන්සියි වගේ..
    බොමුද සීතල වතුර වීදුරුවක්?

    ReplyDelete
  14. උබලා අපි ජිවත් වෙලා ඉවරයි අපේ ළමයින්ටවත් රටක් ඉතුරු වෙයිද

    ReplyDelete
  15. Sri Lankan එකටත් Thai airways, Emirates වගේ ලස්සන කෙල්ලො ටිකක් හිටියනන් ලාබ වෙනව. ඉන්න උන්ගෙ හැටි දැක්කම ආපහු දුවන්න හිතෙනව. අපි වෙන රටකින් hire කරන එක තමා කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න උන් ටික ඇවිල්ල තියෙන්නේ මැදමුලන පැත්තෙන්.

      Delete
    2. අම්මට සිරි ලංකාවෙ මොන කොනෙන් ගෑනු ගත්තත් එකම තමා. මැද මුලනෙන් ගත්තත් කොළඹින් ගත්තත් ගන්න ඉන්නෙ හිංගලයි දෙමළයිනෙ. ඔන්නෙ බර්ගර් කෙල්ලො ටිකක් වත් ගන්න වෙයි.

      Delete
  16. Rome වලට ආව ශ්‍රීලංකන් ෆ්ලයිට් එක මැයි ඉඳං නැවැත්‍තුවා බොසා.. පාඩුයිලු ..

    අවුලක් නෑ ... ඔහොම යං …

    ReplyDelete
    Replies
    1. මදයි කොලා ..පිට රට අරක්කු ටිකක් බොන්න තිබුණා චාන්ස් එකටත් මුන් කෙලියා ..
      කුලියාපිටිය පැත්තේ පොල් වත්තක් මැද්දේ ගෙදරකට සෙට් වෙන්න බලගෙන හිට්යේ

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අනේ අරූ...
      ඔහෙලා බෙර ගහලා පාව්ඩ දාලා ගෙනත් රජ කොරේ තුට්ටු දෙකේ හොරු රැලක් නේද?

      ලක්ස ගනන් මිනිස්සු ගන්වතුරට අවතැන් වෙලා... කිසිම රාජ්ය නිලදාරියෙක් හෝ රජයේ දේසපාලුවෙකු ඔවුන් වෙනුවෙන් කල දෙයක් නැහැ!!! මා පෞද්ගලිකව දන්නා නිසයි මෙහෙම ලියන්නේ...

      ඔහෙලා පත් කල කස්ටිය නම් නියම වැඩ බැරි ටාසන් සැට් එකක්!

      Delete
    2. සරස....හොරුන්ට හොරු කියන්නත්, බොරුවට බොරුව කියන්නත් පැකිලෙන්නේ නැහැ.හොරුන් වෙනුවෙන් පෙනී ඉන්නෙත් නැහැ. හරි දේ නොකෙරුවොත් මරාට වෙච්ච දේ සිරාට රනිල්ට කරන්නත් මිනිස්සු පසුබට වෙන්නේ නැහැ. මහන්සිවෙලා හරි දුක් විඳලා හරි නිවැරදි දේ හොයා ගමු. දකින්න ඇතිනේ ගුරුගෙදර ඡන්දය.

      Delete
    3. පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා ලෙස පත්විම ලද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ ගොලයෙකු වන රිෆ්කි බදුර්සීන් දැවැන්ත හොරකම් සහ මුල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනවරණය වී තිබේ‍. පසුගිය ජනාධිපතිවරණය සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු යහපාලනය වෙනුවෙන් මුදල් කදු ගණන් වියදම් කල රිෆ්කි බදුර්දීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ වැදගත්කම පෙන්වා දෙමින් මුදල් එකතු කළ බවට වාර්තා වන අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුකල අතර එයින් උපයගත් මුදල කොපමණදැයි මේ වනතුරු අනාවාරණය වි නෑ.

      ඇඟලුම් කාර්මාන්තයේ යෙදේන ප්‍රභල ව්‍යාපාරිකයෙකු ලෙස පෙන්වන මෙම පුද්ගලයා විවිධ මුල්‍ය වංචාකරුවන් සමග එක්ව ඔවුන්ට දේශපාලන සහය ලබාදෙමින් මුදල් කොල්ල කැමට දක්ෂයෙකු බවටයි වාර්තා වන්නේ. රිෆ්කි බදුයුදින් නැමති අයගේ දැනට අනාවරණය වි ඇති වංචා රැසක් සම්බන්ධයෙන් FCID හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට මේ වන විටත් පැමිණිලි ලැබී ඇතත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කිරිම නතර කරන ලෙස ප්‍රබල දේශපාලකයෙකු විසින් කර ඇති නියෝග හේතුවෙන් නතර ඇති නිසයි මෙහෙම ලියන්නේ...

      රිෆ්කි බදුර්දීන් (rifky Badurdeen) තම කොරියන් හවුල්කරුවාගෙන් කොල්ල කෑ ඇගලුම් කම්හල් තුනෙහි හවුල්කරුවා සහ බොහෝ බැංකු වල ETF, EPF වැනි මිලියන ගනන් ණය ගෙවීම් පැහැර හැරීම සහ එම වංචා වලට අදාළව උසාවි කටයුතු වලට බලපැම් කිරිම.

      වංචනික ලෙස ණය ගෙවීම් පැහැර හැරීම් මගින් බැංකු 2ක් මං කොල්ලකෑම සහ බොරු ලියකියවිලි නිර්මාණය කරමින් සිංගප්පූරු නැව් බඩු තොගයක් වංචනිකව අත් කර ගැනීම මගින් මුදල් උපයා ගැනීමට උසාවි දෙකකින් වරදකරු වී සිටීම සහ අදාළ පාර්ශවයට ඒ වෙනුවෙන් ගෙවීමට සිදු වීම.

      නාවල කිරි මණ්ඩල මාවතේ සිදුවූ මුදල් හුවමාරුවට ඉන්දියන් ජාතියෙකු හා සම්බන්ධ වීම සහ රජයේ ඉඩමක් විකිණීම මගින් අමෙරිකානු ඩොලර් මිලියන 4 සොරා ගැනීම. ඉන්දියාවේ ලියාපදිංචි කොම්පැනියකට NHDA යට අයත්ව තිබූ ඉඩමක් විකිණීමට මැදිහත් වීම සහ උපදේශන ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 6ක් සොරා ගැනීම සහ තම බිරිද නමින් මිලියන 200කට ඉඩමක් මිලදී ගැනිම සහ මිලියන 750කට එය එම කොම්පැනියටම විකීණීම.

      JEDBයෙන් ජර්මානු කොම්පැනියක් සදහා ඉඩමක් ලබා ගැනීම සහ ඔහුගේ උපදේශන ගාස්තු වෙනුවෙන් මිලියන 2ක මුදලක් ලබා ගැනීම.

      යූනියන් පෙදෙස සහ කැලණිය ප්‍රදේශයේ ඉඩම් Porwankara Group of India සඳහා විකීණිම සහ ඩොලර් මිලියන 4 ලබා ගැනීම.

      මොහු විසින් ඉහත වංචා වලට අමතරව පහත බැංකු වල ණය ගෙවීම පැහැර හැර ඇත.

      සම්පත් බැංකුව මිලියන 340 විධිමත් තක්සේරුකරුවෙක් පවා නොමැතිව, පෑන් ඒෂියා බැංකුව මිලියන 310, NTB බැංකුව මිලියන 95 සියලුම කොටස් තැරැව්කරුවන්ට වංචා කොට ඇත. කොටස් වෙළෙඳපොළ මෙහෙයවීමට සම්බන්ධ වීම සහ පෑන් ඒෂියා, සොෆ්ට් ලොජික් වැනි බොහෝ සමාගම් සඳහා රුපියල් මිලියන ගණනින් ගෙවීම තිබීම.

      ක්‍රෙඩිට් කාඩි කොම්පැනි ණය පැහැර හැරීම, බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු ගෙන් මිලියනයක් ලබා ගැනීම සහ වැඩ නොකරන සහ ක්‍රියාත්මක නොවන වැඩපොළ ක් නිර්මාණය කිරීම.මීට අමතරව රිෆ්කි බදුර්දීන් විසින් කුන්ඩසාලේ හාරගම ජලයෝජනා ක්‍රමයකින් සහ තවත් ක්‍රම රැසකින් ගසා කා ඇත

      Delete
    4. ඇනෝ මහතා පොඩ්ඩක් සාක්කි ඇතිව එවන්න බැරිද මේවා පලකරන්න පුළුවන්.

      Delete
    5. අජිත් අයියන්ඩි අලුත් වැඩකට අතගහන්න වගේ තව ඩීටේල්ස් ඉල්ලන්නෙ. අපි හිතුව කරූ ඩබල ගෙන්නන කොටම පායන්න හදන්නෙ හිරූ කියල.

      හ්ම් හ්ම් හ්ම් ඔහොම යං ! එනිවේ විශ් යූ ඕල් ද බෙස්ට්. ඉක්මනටම බැසිල, මරා, අර්ජුන් මහේන්ද්‍රනයා ලගෙ ක්ලාස් එකට සෙට් වෙන්ට ලැබේවා.

      ජයවේවා !!!

      Delete
    6. @ Anonymous May 19, 2016 at 6:51 AM

      මොනාද බන් මේ කියන්නේ? මමත් ඉතින් ගාණක් කපා ගන්න එපැයි.... මොකද ළමයි එක්ක හොලිඩේ යන්න තියනවනෙ බන්... ඒවට සල්ලි ඕනෙනෙ බන්.... පඩියෙන්ම රෝල ගෙනියන්න අමාරුනෙ...

      Delete
    7. ඕව නිකන් ලියන් එපා. ඔප්පු කරපන්. මම දන ඒවා ඕන එකක් ඔප්පු කරනන් සාක්කි එකක් දාන්නේ . මම තොපේ කාගේ හරි සල්ලි වලින් නිවාඩු ගිහින් තියනවනම් ඔප්පු කරපන්. ඇනෝ ලියන ඒවා කවුරුත් ගණන් ගන්නේ නැහැ. නම ගම දාල මම හොලිඩේ ගිය විස්තර දාල ලියපන්.

      Delete
    8. ඔය බ්ලොග් කියවන අයටත් නෙළුම් යායෙන් සම්මානයක් දෙන්න අප්පා...... එතකොට ඒ කරදරෙත් ඉවරනේ...

      Delete
  18. කාපු කෑමේ තරමට තව පාඩුයි කියලා ඉතාලියට ෆ්ලයිට්ස් එන්නෙත් නෑ. කාට කියන්නද ඉතින්.

    ReplyDelete
  19. You rigt Mathalan. All garment companys and everithing do privet one shot. No argive.

    ReplyDelete
  20. "මහින්ද හොරා කෑවා මහින්ද හොරා කෑවා මහින්ද හොරා කෑවා එ නිසා බදු වැඩි කරන්න උණා" යන තර්කයෙන් මිදි ඇත්තට මුහුණ දිමට යහපාලන ආණ්ඩුවට නොහැක්කේ තමන් විසින් ලක්ෂ 62ක් ජනතාව තුළ ගොඩනගන ලද බලාපොරොත්තු සියල්ල බොදවි ඇති නිසා ය, බොරුවෙන් දිනා ගත් ජයග්‍රහණය බොරුවෙන් ම පවත්වා ගන්නවා මිස වෙනත් යමක් ඔවුන්ට ඉතිරිවි නැත.

    ReplyDelete
  21. මටනං හිතුනේ මෙහෙම . බලකෝ පට්ට නාකියා කන සුපිරි කෑල්ල

    ReplyDelete
  22. වෙන කවුරුවත් ඔනෑ නෑ එයාර් ලංකා ගොඩගන්න

    "සියල්ල දත් මාතලං පණ්ඩිතයට" දුන්නනං හරිනෙ..!

    ප්ලේන් එළෙවුවෙ නැති උනාට මිඩිලීස්ට් වල වාහන එළවල පලපුරුද්දත් තියනවනෙ.

    ReplyDelete
  23. සේවකයො වැඩියි...වැඩිහරියක් කාට හරි පන්දම අල්ලලා ආපු අය. අනික හොරුන්ගේ ගුහාවක්! ඒකනේ කාටවත් ඕක හදන්න ඕන කමක් නැත්තේ.

    ReplyDelete
  24. මාත, රටේ මිනිස්සු දැනගන්න ඕනේ රජය යම් වියදමක් පාඩුවක් දරනවානම් අනිවර්යෙන් අවසාන ලෙස ජනතාවගෙන් බදු ගසා එම පාඩුව පියවන බව.

    රජයට ඇත්තේ විකල්ප 2 කයි
    01. ණය ගැනීම
    02. බදු ගැසුම

    ණය ගනිමින් රජය පවත්වනවානම් ජනතාව එයට කැමති මොකද එවෙලේම බදු ගෙවන්න ඕනේ නැති නිසා නමුත් යම් දිනකදී පොලියත් සමග ගෙවීමට වෙනවා එතකොට මහජනයාට ගෙවන්න වෙන්නේ හිතන්න බැරි මුදලක්.

    රාජපක්ෂ යුගයේ කල සංවර්දන වැඩ වලින් ලැබෙන ආදායම ණය පියවන්න පුලුවන්ද බැරිද කියල බලන්න ඕනේ බැරිනම් මෙය අසාර්ථකයි මේක තමයි ජනතාව දැනගතයුතු තිත්ත ඇත්ත.

    මේ කතාව මේ රජයටත් අදාලයි.

    මේ රජය කියනවා බිලියනගණන් තමන් ණය ගත්තේ පෙර ණය ගෙවීමට බව, දැන් ඔවුන් පෙන්වා දෙන්න ඕනේ අපේ ණය ප්‍රමාණය අඩුවී ඇති බව.

    මෙහෙම කරනවා මමනම් දැකල නෑ

    ReplyDelete
  25. GossipClanka.com
    ශ‍්‍රි ලන්කන් ගුවන් සේවය විකුණා දැමීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු අමු කුණුහරුපයෙන් විපක්‍ෂ මන්ත‍්‍රිවරුන්ට බැණ වදින හඬ පටයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.



    අම්මට ***** නැතිව කට වහගනිං’ යයි කියන ඩිජිටල් ඇමතිවරයා තවත් මොනවාදෝ කුණුහරුපෙයෙන් කියනු පැහැදිලිව ඇසේ විපක්‍ෂයෙන් විවාදයට පැටලෙන්නේ මන්ත‍්‍රී මහින්දානන්ද අළුත්ගමගේය.

    හොදම කොටස පහත හඩ පටයේ අන්තීම විනාඩි පහ

    ReplyDelete
  26. මේ ප්‍රශ්න වලට සරල විසදුමක් ඇත. අතීත කාලය වර්තමාන කාලය බවට පෙරලාගැනීමෙන් යහපාලන ආන්ඩුවේ සියලු ප්‍රශ්න විසදේ.
    එනම තව දුරටත් මහින්ද හොරාකෑවා කියා නොකියා මහඉන්ද හොරාකන නිසා ආර්ථිකය කඩා වැටෙන බව කීමය. එවිට ජනතාවද මහින්ද හොරාකන එක නොනැවතී සිදුවන සංසිද්ධියක් නිසා යහපාලන රජයට කරන්න දෙයක් නැති බව දැනගනු ඇත.
    අවශ්‍ය නම් මහින්ද අනාගතයේ ද සොරකම් කරන නිසා කිසිම සංවර්ධන වැඩ සටහනක් සැලසුම් කරන්නත් බැරි බව කීවොත් තවත් හොදය.
    කාලභේදය ගලපා විසදිය හැකි සරල ප්‍රශ්නයකි.

    ReplyDelete
  27. Sri Lankan Airline corruption explained;

    https://www.youtube.com/watch?v=pZPHnfNTjrU

    ReplyDelete
  28. මොකෝ මාතලන් සද්දයක්වත් නැත්තෙ. ගං වතුර ආධාර දෙන්නවත් ගියාද?

    ReplyDelete
    Replies
    1. ඇයි තොපේ අම්මත් ඒ සමගම අතුරුදහන් නේද? බලාපන් ගංවතුර ආධාර දෙන්න සල්ලි හොයන්න පෝලිමට අල්ලනවා ඇති පාරේ යන මිනිස්සුන්ට.

      Delete
  29. "මොකෝ මාතලන් සද්දයක්වත් නැත්තෙ."
    බොන එවුන් ගන්නා ආතල් ගැනයි. හැලුවැලි පින්තුර ගැනයි වර්ණනා කරන්නයි අමන දේශපාලනය ගැන කතා කරන්නයි,භික්ෂුන් වහන්සේලාට අපහාස කරන්නයි කාලය ගන්නවාට වඩා මේ ආපදා අවස්තාවේදී කරන්න ඕනෑ දේ ගැන මෙන්ම වෙබ් අවකාශයේ සහුර්දයන් මෙහෙයවන ආකාරය අඩු තරමේ නලින් ගෙන් වත් ආදර්ශයක් ගන්න හිතුවොත් නරකද?


    සමරසේකර

    ReplyDelete
    Replies
    1. තව ටිකෙන් මිනිහ ඇවිත් බේගල් බායි ආධාර බෙදන්න ගියා කියල. අපි නොදන්න මාතලන්.

      Delete
    2. සියළු දේ පැත්තක තියලා නෙට් එකේ බයිලා ගහන්න බැරි මේ වෙලාවේ මේ තිරිසන් මිනිසාට උත්තර දෙන්න ආවේ තවත් එකෙක් මේ කොමෙන්ට් එක ගැන කියපු නිසා.

      මේ අවස්ථාවේ නලීන් දිල් රුක්ෂ වැනි මුණිවරුන්ද, අනුන්ගේ මළදාන සොයන සමරසේකර වැනි කාළකන්නි තිරිසනුන්ද දෑසින්ම දකිමින් සිටිමි. මේ දුක දන්නේ වින්දිතයා පමණි. අනෙක් බූරුවන්ට කල හැක්කේ මෙවන් දේ පමණි.

      මගේ යුතුකම් හා වගකීම් ලව්ස්පීකර් නොදා මම ඉටු කරමින් සිටිමි. අනුන්ගේ ගූ ගොඩවල් අවුසාමින් තිරිසනුන් මෙන් හැසිරෙන්නේ නැතිව. මහත්මයකු මෙන් තමන්ට කල හැකි දෙයක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

      වෙසක් පෝ දිනයේ වැඩි හිටියකුට මෙසේ කීමට සිඳුවීම ගැන කනගාටුවෙමි. එහෙත් ගංවතුරින් රිදුනාට වඩා මෙවන් කාළකන්නි මිනිස්සුන්ගේ මෙවන් කොමෙන්ට් වලින් කීරී ගැසි යන බැවිනි, මෙවන් කාළකන්නින් ද්/නුවත් කිරීමේ වෙන ක්‍රමයක් මා නම් දන්නේ නැත.

      මාතලන් කිසි දිනක අනුන්ට වනයක් වී නැත.

      Delete
    3. අනේ උඹ උපාසකයා..බ්ලොග් ලියන අලුත් කෙල්ලන්ට අනින්න තමයි ට්‍ර‍යි එක කියලා මේ පොන්නයා දවසක් මා එක්කම බොන ගමන් කිව්වා...උපාසක මූණ දාගෙන ඉන්න දාර පොන්නයෙක් මාතලං කියන්නෙ.

      Delete
  30. මාතලන්
    "සියළු දේ පැත්තක තියලා නෙට් එකේ බයිලා ගහන්න බැරි මේ වෙලාවේ මේ තිරිසන් මිනිසාට උත්තර දෙන්න ආවේ තවත් එකෙක් මේ කොමෙන්ට් එක ගැන කියපු නිසා."

    හොඳටම තරහ ගිහින් නේද? නිරුවත් උනාම එහෙම තමයි. හංගා ගත් තම නියම රුපය අන් අය දුටුවහම තරහක් දැනෙනනවා.අපේ රටට දැන් පහර දෙන්නේ පැරණි උපක්‍රම අනුව නොවෙයි. නව ලිබරල් වාදී දර්ශනය උඩයි. ඒකෙ ප්‍රධානම ලක්ෂණය වන්නේ එළිපිට පහර දෙන්නෙක් නැති උනත් පහර නියම විදියට සැලසුම් කරලා තිබීමයි. ඒ පහරේ විවිධ කොටස් තියෙනවා. ඉන් එක කොටසක් තමයි මද්‍යපානය මෙන්ම ලිංගිකත්වය හුවා දැක්වීම සහ සංස්කෘතික වටිනාකම් වලට පහර දීම. ඔබ ඒක මැනවින් කරගෙන ගියානෙ. ඒකෙන් පරිබාහිරව ඔබට වෙන මොකුත් පෙනෙන්නෙ නැති බව මම කලක පටන්ම දැන සිටියා. මෙ ජාතික ව්‍යසනය ඔබේ ඇස නොගටුනේ ඒ නිසයි. හාමුදුරුවරුන්ට පහර දීමට පිටු ගණන් වැය කරන ඔබට මේ ව්‍යසන අවස්තාවේදී හාමුදුරුවරුන්ගේ කැපවීම නොපෙනෙනුනේ කොහොමද? සාමාන්‍යයෙන් මුස්ලිම් මිනිසුන් ගැන කියන්නෙ ඔවුන්ගේ ජාතිවාදය ගැන නෙ. එහෙත් ඔබ දන්නවාද අරනායකදී මුස්ලිම් මිනිසුන්ට කිසිදු හානියක් උනේ නැහැකියලා . නමුත් ඉස්සර වෙලාම ආධාර උපකාර අරගෙන දිව ආවේ ඔවුන්.
    තව එකක්. අරනායක නාය යාම තනිකරම මිනිසුන්ගේ පරිසර විනාශය කිරීම නිසා ගොඩ නැගුනක්. හැම කෙනාම තැනක් නොතැනක් නොබලා කඳු මුදුන්වල පවා ලොකු ගෙවල් හදනවා. ගෙදරට යන්න කඳු කපා පාරවල් හදනවා.මේ නිසා කඳුවල පස බුරුල් වෙලා. අරනායක විතරක් නෙමෙයි. මේක ළඟදීම හන්තානටත් තැන්නේකුඹුරටත් වේවි.
    මාතලන් ,
    ඔබට යන්නට පාරවල් දෙකක් තියෙනවා.

    1. දැනටමත් කරගෙන යන ඔය අසමජ්ජාති වැඩය දිගටම කිරීම.

    2. නව ලිබරල් වාදයට එරෙහිව පෙළ ගැසෙන අය සමග එකතු වීම. ඒක කොළ නෙමෙයි.නිල් නෙමෙයි.රතු නෙමයි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. පල නාකිය යන්න. මාතලන් ළගින්වත් තියන්න පුලුවන්ද තොපි වගේ උන්ව. උඹලගෙ ඔය මල ජරා හිංගල සංස්කෘතිය හින්ද තමා මේ ඔක්කොම ප්‍රශ්න උනේ. බලපන් බටහිර රටවලට මෙහෙම ගංවතුර එනවද. ලංකාවෙ වගේ අවලම් සංස්කෘති තියන රටවලට තමා මෙහෙම වෙන්නෙ. ලැජ්ජ වෙයන් ලංකාවෙ ඉපදිච්ච එක ගැන.

      Delete
    2. මාතලන්,

      මා ප්‍රතිපත්තියක් හැටියට තමන්ගේ නමෙන් පෙනී හිටින්න ආත්ම ශක්තියක් නැති අයට උත්තර දෙන්නේ නැහැ.
      මෙලියන්නෙ මගේ උත්තරේ අවසාන ඡේදය ශාන්ශෝධනය කිරීමටයි ඒක මෙහෙම වෙන්න ඕනෑ.
      මාතලන් ,
      ඔබට යන්නට පාරවල් දෙකක් තියෙනවා.

      1. දැනටමත් කරගෙන යන ඔය අසමජ්ජාති වැඩය දිගටම කිරීම.

      නැත්නම්
      2. නව ලිබරල් වාදයට එරෙහිව පෙළ ගැසෙන අය සමග එකතු වීම. ඒක කොළ නෙමෙයි.නිල් නෙමෙයි.රතු නෙමයි.

      Delete
    3. සරමේ රී ගෙන ඇති සේකර මයා වෙත ආදරයෙන් ලියමි.

      අපේ උන් බොන්නේ හා හෙළුවැල්ලෙන් ඉන්නේ ලිබරල් වීම නිසා නොව ඒවා අපේ උරුමයන් වූ බව නොදන්නා ගොන් මෝඩ අමු ගෝත්‍රික ළිං මැඩි බයියකු වන සරමේට කිසි දින් වැටහෙන්නේ නැත.

      බ්ලොග් ලිවීම සඳහා ඔබ වන් ගෝත්‍රික වැද්දන්ගේ උපදෙස් මට කිසි සේත් උවමනා නැත. අනුන්ගේ ගූ හෝදන්නේ නැතිව රී ගත් සරම හෝදා ගෙන පැත්තකට වී සිටීම ග\වතුර බැස ගියාටත් වඩා ප්‍රීතියක් ගෙන දෙන බව නම් නොලියා සිටිය නොහැකිය.

      ගං වතුරු තබා සුනාමි දාහක් ආවත් ජීවත්ව සිටියහොත් මාතලන් ලියන්නේ මාතලන්ට අවැසි දේ මිස ගොන් හාල්පාරුවන් කියනා දේ නොවේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න