.

.

May 22, 2016

කොළඹ ගංවතුර, ආපදා කළමනාකරණය හා ගරානාව - Colombo Floods, Disster Management & Govt. Fund



ලංකාවම ගං වතුරෙන් යට විය. හැමෝම දැක්කේ කොළඹ පමණක්මය. සුපුරුදු පරිදි ආන්ඩුව ගං වතුරේද නෑවේය. බුදු පිළිම නිරාවරණ, ධාතු ප්‍රදර්ශණ, ආළෝක පූජා, තොරණ විවෘත කිරීම් සියල්ලෙන්ම පසුව ගං වතුරෙන් ආපදාවට පත් පිරිස් බැලීමට රටේ නායකයාට සිහිවන්නට ඇත්තේ පත්තරයක් බලන්න්ට ඉස්පාසුවක් නොමැති නිසා වෙන්ටැතිය. ඒ ගැන එතුමාට දොස් කීම වැරදිය. හැම දේම එතුමාට කිරීමට නොහැකි හේතුවෙන්,  ආපදා කළමණාකරනය සඳහා ඇමති කෙනෙක් පත් කොරලා වෙනම අමාත්තියන්සයක් පිහුටුවා තියෙන්නේ ඒ වෙනුවෙන්ය.

එහෙත් උන් කරපු කිසි දෙයක් නැතිය. නලීන් දිල්රුක්ෂ ආරම්බ කළ දිවා ආහාර වේල පරිත්‍යාග කිරීමේ වැඩ පිලිවල බාර ගත්තේ, රීරී යකාගේ චැනල් එකය. රීරී යකා දන වටක් වතුරේ බැස, "වතුර මට්ටම ඉහළ යනවා මක්කා හරි කරපියව් යකුනේ..." කිව්වාට, ආන්ඩුව ඒ බව පයිසෙකට මායිම් කළේ නැතිය. උන් කිව්වේ මූ මිනිස්සු කුලප්පු කරනවා කියලාය. ඊටත් හේතුවක් ඇත. හැමදාම "කොටියා එනවා..." කියා කෑ ගැසු කොලුවා, කොටියා ඇත්තටම ආ දවසේ කෑ ගැසුවාම, එකෙක් වත් ගනන් ගත්තේ නැතිය. ඒත් කොටියා ඇත්තටම ආවේය.

Nalin the Greatest
පෞද්ගලික නාලිකා ආරම්බ කළ වැඩ සටහන, රජයේ නාලිකාවන්ද පටන් ගත්තේ ඉන් පසුවය. ඇත්තටම මේ නාලිකා ටික නැති වූයේ නම්, විපතට පත් ජනයා අදටත් හාමතේය. ආපදා කළමනාකරණ මද්දියස්තානේ උන් මේස දෙකකට වී ආතල් එකේ ඉන්නවා දැක්කේද, මේ නාලිකා වලට පින් සිද්ද වන්නටය. මහා සුනාමියකින් විනාශ වී ගිය රටක, ස්වාභාවික විපතකදි ජනයාට පිලිසරන වීමේ කිසිඳු ක්‍රියා මාර්‍ගයයක් අදටත් ඇත්තේ නැතිය. අනිවාර්යයෙන් ඉදිරියටත් නැත.


පිහිටට ආවේ, මේ කාළකන්නි ආයතන හා පාලකයන් නඩත්තු කරන ජනතාවමය. ඔවුන් කළ උපකාර නොවන්නට, හමුදාවට හා පොලීසියට කළ හැකි ලබ්බක්ද නැතිය. ඔවුන්ගේ ආධාරද බෙදා හැරියේ නාලිකාවන් සතු දිවයින පුරා විසිරි සිටිනා වාර්ථාකරුවන්ගේ ආධාරයෙන්ය. සිරස නාලිකාවේ පෙන්වූ පරිදි, නාය යාම් හේතුවෙන් බාහිර සම්බන්ධතා නොමැති වූ ගමකට, අහාර වේලක් ලැබුනේ දින හතරකට පසුවය. හෙලිකොප්පරයකින් හෝ එම ගමට වියලි ආහාර ටිකක් බෙදා හැරීමට නොහැකි වූයේ, ආන්ඩුවේ අකාර්යක්ෂම ආපදා කළමනාකරණය නිසාවෙන් හා හෙලිකොප්පර සියල්ල ළොකු ලොක්කන්ගේ "ෆ්ලඩ් ටුවර්" සඳහා යොදවා තිබූ නිසාය.

Chathura - The Reeri Yaka
මේක හිඟන රටක් කියා වෙන රටවල උන් හිතනා නිසා කෝටී ගනන් වටිනා වාහන ඉල්ලන, බදු පිට බදු ගසා හොරා කාපු උන් හා මඟුල් කන කාළකන්නි දේශපාලුවන්, අද විලි ලැජ්ජාවක් නැතිව අරමුදලකට මුදල් එකතු කිරීමට පටන් ගෙන ඇත. අප නම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එක සත පහක් මුන්ගේ ආතල් සඳහා සම්මාදම් නොකරනා මෙන්ය. මේ කිරීමට දත් කන්නේ "හෙල්පින් හම්බන්තොට" සීන් එකේ අනිත් වැඩේය. ඒ නිසා පරිප්පු වඩේ එකක් හෝ දී වින්දිතයාට පිහිට වනු විනා එක සත පහක් මේ වැඩ වලට දී, පස්සෙ හූල්ලන්න එපා කියලාය. සමහර රජයේ ආයතන වල උන්ද තම දිනක වැටුප පරිත්‍යාග කරමින් විපතට පත් උන්ට ආධාර කරද්දි, මේ පාලකයන් අද වන තෙක් විපතට පත් ජනතාව වෙනුවෙන් කළේ කුමක්ද...?

මුළු ලංකාවටම නොනවත්වා පැය 24 ක් පමණ වැසි ඇද වැටුනේ 15 වන ඉරිදා දිනයේය. එසේ මහ වැසි ඇද වැටුනද කොළඹට ගං වතුරක් ඇති වූයේ නැත. ඝෝඨා විසින් අළුත් වැඩියා කරන ලද, නඩත්තුවක් නොමැතිව අත් හැර දැමූ කාණු පද්දතිය පිරිසිඳු කිරීමෙන් පසු, සැමදා යට වන කොළඹ නගරයේ වතුර බිංදුවක්වත් ඉතිරි වූයේ නැත. එම කාණු පද්දතිය එදා මෙන්ම තිබුනේ වී නම්, 1987 දී මෙන් කොළඹ කුරුඳුවත්තද යට වනවා නොඅනුමානය. කෙසේ හෝ එම තත්වය ඇති වූයේ නැත. කැළණි ගඟේ ජල මට්ටම වැඩී වූ විට බියගම, මල්වාන, බොල්ලෑගල වැනි ප්‍රදේශ ගං වතුරට බිලි වීම අප කුඩා කාළයේ සිට දැක පුරුදු දේවල්ය. ඒවාට අප මෙතෙක් ජීවත්වූ කාළය තුල විසඳුමක් නොලැබුනා සේම, අපේ ජීවිත කාලය තුලද විසඳුමක් ඇති වන්නේ නැති බවත්, ගං වතුර සෙම බුදු ෂුවර්ය. 

ඒ පැත්ත අමතක කලද, ළෝකටම පෙනෙනා මෙගා පොලිස් ගොඩනැගීමට යන කොළඹ හෙලිවැල්ලෙන් තැබීම කිසිවකුටත් හොඳ නැත. ගං වතුරෙන් කොළඹ යට වීමත් ජනතාව පිට දමා ආන්ඩුව බේරෙන්නට තැත් කිරීම මේ දවස්වල ගජරාමෙට නැගලා යන්නේය. සියල්ල සිඳු වී තිබෙන්නේ ජනතාව වගුරු බිම් ගොඩ කල හේතුවෙන්ය. අප දන්නා ආකාරයට නම් සාමාන්නිය ජනතාවට වගුරු බිම් ගොඩ කොරන්නට බැරිය. ඕවා කරන්නේ කාළකන්නි දේසපාලුවෝමය. ඒ ගේම, නොම්මර එකේ පාතාල බිසිනොස් එකක්ය. මොන ආන්ඩුවේ එකත් ඒවාට කිසි අවුලක් නැතිව සප් එක දෙන්නේය. දැන් ඔය මොන පිලියම් ගෙනාවත් හෙට අනිද්දාට ආයෙත් වැස්සොත් කොළඹ යට වෙනවාමය.

දැන් කළ යුතුව ඇත්තේ අඩු පිරිවැයක් සහිත ස්ථිර විසඳුමකි. පහසුම විසඳුම පොම්පාගාර ඉඳිකිරීමයි. ගිං ගඟ යෝජනා ක්‍රමය (බන්ට්) තුල ඉඳිකරන ළද එවන් පොම්පාගාර රාශියක් නිසා, එම යෝජනා ක්‍රමය ඉඳිකිරීමට පෙර ගංවතුරට යටවු ප්‍රදේශයන් මෙන්ම කුඹුරු රාශියක් අදටත් කිසි උවදුරකට ලක් නොවී තිබේ. එහෙත් අප දන්නා තරමින් කැළණි ගඟේ බන්ට් එක අද්දර එකඳු පොම්පාගාරයක් හෝ ඇත්තේ නැත. වැසි දිය ගඟට එකතු වීමට ඇළ මාර්‍ග ඉඳිකොට ඇතත්, ගඟේ ජළ මට්ටම ඉහළ ගිය විට එම ඇළ මාර්‍ග සියල්ලම ගේට්ටු යොදා වසා දමනු ලැබේ. මීට පෙර සිඳු කළේද එයයි. එහෙත් මෙවර ගඟ පිටාර ගැලුවේ හංවැල්ල ප්‍රදේශයෙනි. කිසිඳු වර්ෂාවක් නොමැතිව, ඇස් පනා පිට කොළඹ පහත් බිම් සියල්ලම ගං වතුරට බිලි වූයේ ඒ හේතුවෙනි. 

ඇළ මාර්‍ග වසා දමනා ස්ථානවල පොම්පාගාර ඉඳිකොට කොළඹ නඟරයේ වැඩි පුර එකතුවන ජළය පහසුවෙන් කැළණි ගඟට එකතු කළ හැක. එමෙන්ම මෝය කට පුළුල් කිරීමද අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව ඇති තවත් කාර්යයකි. මෙයට තවත් පිලියමක් ඇත. එනම් වැලි ගොඩ දැමීමට නැවත් ඉඩ ලබා දීමයි. හැමදාම යට වන රත්නපුරය, දැන් ගං වතුරට බිලි නොවන්නේ අවසරය මත හා අනවසර ලෙස මැණික් ගොඩ දැමීම සඳහා ගන්ඟේ වැලි ගොඩ දැමූ හේතුවෙනි. අද එම ගඟේ ගැඹුර වැඩි වී ඇත.

නමුත් කැළණි ගඟේ මෙය කළ යුතුව ඇත්තේ ඉතා පරෙස්සමෙනි. ඒයට හේතුවක් නම් කොළඹට බීමට ජළය සපයා ගන්නේ කැළණි ගඟෙන් වීමයි. එම නිසා මුහුදු ජළය ගඟේ ජළය හා මුසු නොවීමට, හංවැල්ල ප්‍රදේශයට පහළින් වේල්ලක් ඉඳි කිරීම අත්‍යවශ්‍ය වේ. මීට ටික කළකට පෙර කුමක් හෝ නාලිකාවක් මඟින් සිඳු කල වාර්ථා වැඩ සටහනකින් පෙන්වා සිටියේ, කැළණි ගඟේ වතුර වල තත්වය ( pH අගය) ඉතාමත් පහළ බවයි. ඉඳින් මෙවන් බාදකයක් මඟින්, කොළඹ ප්‍රදේශයේ ජළය, ඉහළින් පැමිණෙන ජළය හා මුසු වීම සම්පූර්ණයෙන්ම නවතිනවා ඇත.

කෙසේ හෝ මහා නඟර නිර්මාණය කිරීමට සැරසෙන ආන්ඩුවක්, මේ සඳහා ස්ථිර විසඳුම් සොයා ගත යුතුව ඇත. එහෙත් ඒ සඳහා උපදෙස් ගත යුත්තේ සම්මාණ මහාචාර්ය කපිල දහනායක වැනි පොතේ ගුරාලාගෙන් නම් නොවන්නේමය. උන්න්නැහේ "අරණායක" නාය යෑමෙන් පසු සඳහන් කළේ, නැවත් ඒ ප්‍රදේශයේ නාය යෑමක් කිසි ලෙසකින්වත් සිඳු නොවනා බවයි. එහෙත් එම ස්ථානයම නැවත කීප වරක්ද, එයින් මදකට එහායින් පිහිටා ඇති කඹරගල කන්දද නාය ගියේ, දෙනෝදාහක් බලාගෙන සිටිද්දීය.

නාය යෑම් ගැන උන්න්නැහේලාට වඩා එම ප්‍රදේශ වල ජීවත් වන ජනතාව හොඳින් දනී. සුද්දාගේ කාළේ ඉඳිකල ලැයිම් වල ජීවත් වන ජනතාව ජීවත් වන්නේ මරණ සහතිකය දෝතින්ම දරාගෙනය. එබැවින් ඔවුන්ට ආරක්ෂිත ප්‍රදේශවලින් නිවාස තනා දීමද රජයේ යුතු කමක්ය. ඒ සඳහා ආරක්ෂිත ඉඩම් මේ වාගේ ප්‍රොපෙසර්ලාගෙන් තෝරා ගන්නට ගියහොත් නම් ඒ ජනතාවටත් නාය නොගිය බුදු හාන්දුරුවන්ගේ සරණමය.

අම්මට සිරි ලංකාවේ ආරක්ෂක සේනාවන්ටද, පාට පක්ෂ බේදයකින් තොරව විපතට පත් ජනතාවට කෙසෙල් ගෙඩියකින් හෝ උපකාරයක් කළ සියළු දෙනාටමද අපේ ගෞරවාදරය හිමි වනවාය. එමෙන්ම විපතට පත් ජනතාවගේ වස්තුව හා දේපල ආරක්ෂා කිරීම සඳහා රැගෙන ගිය සුපින්වතුන්ටද, එයට පූර්ණ දායකත්වය සැපයූ ආන්ඩුවටද අපගේ මෙව්වා එක හිමි වෙනවාය. (කිසිවක්ම කළ නොහැකි වුවද අවම වශයෙන් ජනයාගේ දේපළ හෝ ආරක්ෂා කර දීමෙ කිසිම වැඩ පිලිවලක්ද ඔවුන්ට තිබුනේ නැත.) ජේ ආර් පප්පා කිව්වා මෙන් අපේ ආරක්ෂාව අපිම සලසා ගත්තේය.

මේ ගං වතුර හේතුවෙන් මාතලන් දන්නා මහින්දලා තුන් දෙනෙක් බොහෝ දුක් වෙනවාය. එකෙක් නම්, පොඩි කාළේ සිට මැන්ගෝ ෆ්‍රෙන්ඩ් කෙනෙකු වන, ගංවතුරට යට වීමට දින දෙකකට පෙර තම අළුත් නිවසට ගෙවදුන මහින්ද ඩයස්ය. අනෙකා පසුගිය ආන්ඩුවේ ආපදා අමාත්ත මහින්ද අමරවීරය (හේතුව දන්නවා ඇත.) අනෙකා මහින්ද රාජපක්ෂ මහත්තයාය. උන්නාන්සේ බුදු හාන්දුරුවන් ඉදිරියේ පපුවට ගසමින් කෑ ගහන්නේ, ඇයි හාන්දුරුවනේ මෙහෙම කේස් එකක් මගේ කාලේ ආවේ නැත්තේ කියලාය. එහෙම ආවා නම් "හෙල්පින් කැළණි වැලි" කියලා අරමුදලක් ආරම්බ කොට, ඒ ජනතාවට මගේ මෙව්වා එක නොපිරිහෙලා ඉටු කරන්න තිබුනා නේ යකෝ කියලාය.

විශේෂ -
නෙළුම් අජියාට හා පත්තර මලයාට මඩ ගැසූ, අස්සයා මළ බ්ලොග් පොන්නයන්ගෙන් ආරක්ෂා වීම සඳහා, සියළුම කොමෙන්ට් මොඩරේට් කර ඇත. තුන් වන පාර්ශවයකට එල්ල වන මඩ කොමෙන්ට්ස් හැර, මාතලන්ට එල්ලවන, කුණුහබ්බ නොවෙන, කොමෙන්ට් සියල්ලම, පසුව ප්‍රදර්ශණය කෙරේ... ඒ ගැන කමත්වා...

80 comments:

  1. එහෙම කියන්න එපා... ඔන්න ඔහෙ සිරිසේනටත් කීයක් හරි දීලා දාන්න පින්වතුනි!

    ReplyDelete
    Replies
    1. මහින්දගේ අයම දුන්නා නම් තමා වටින්නේ... මම දැක්කා ලණුවක් දිගේ ආධාර එකතු කොරනවා...

      Delete
    2. " මාතලන්ට එල්ලවන, කුණුහබ්බ නොවෙන, කොමෙන්ට් සියල්ලම, පසුව ප්‍රදර්ශණය කෙරේ... ඒ ගැන කමත්වා... "

      මාතලං කුලී ලියන්නා අනිත් මිනිස්සුන්ට මඩ ගහල, කුණුහරප ලියන එකේ තමන්ට එන ඒවට බයයි නේද ?



      Delete
    3. -------

      මාතලන් වැනි ටොයියන්ගේ ප්‍රමුඛ බුද්දිමතා වු ගරු රනිල් වික්‍රමසිංහ මැතිදුන් යෝජනා කල පරිදි "බස්නාහිර කුබුරු ගොඩකර " දැමුවානං මෙවන් විපත් කිසිදා සිදු නොවේ...!

      එකම සැනසීමට ඇත්තේ එතුමෝ ඉදිරි අවුරුදු කීපයේත් මේ රටේ අගමැති කම දැරීම පමණි.

      Delete
    4. Maathalan - Priyantha HewageMay 24, 2016 at 1:50 PM
      මේ රටේ දැක්මක් තියෙන එකම නායකයා රනිල් පමණයි....

      ඒත් කරුමය කියන්නේ ජේ ආර්ට වගේ රනිල්ට හොඳ සෙට් එකක් නැති වීම හා අවුරුදු ගානක් රට කෑ කාලකන්නි පිරිසක් ජාතික ආන්ඩුවක් කියා රෙද්ද අස්සේ දා ගැනීම...

      Reply



      පුහ්..............

      Delete
    5. Dont blame Mathalan. Mathalan good man. He write balanse all things.

      Delete
  2. Replies
    1. ඉයන් ට එකඟ වීමට සිදු වීම ගැනත් , මාතලන්ට මෙහෙම ලියන්න සිදු වීම ගැනත් මට කණගාටුයි. ආණ්ඩුව අහයිද?

      Delete
  3. මාතා ,

    රජයෙන් නම් මොනම කාලෙකවත් වැඩක් වෙන්නේ නෑ. රටේ මිනිස්සු (සාමාන්‍ය මහජනයා ) හැසුරුන විදියනම් ප්‍රසංසනීයයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වගේ රජයක් නම් නොතිබුනත් අවුලක් නෑ....

      Delete
    2. රජයත් මෙයින් ලකුණු දාගන්නට සංදර්ශනාත්මකව කටයුතු කරනවාට වඩා මෙහෙයුම විධිමත් කරන්නට උත්සාහ කළා. මෝස්තරේට ආණ්ඩුව කෝ අපි තමයි ඔක්කොම කරන්නෙ කියලා කෑ ගහන කට්ටිය කෑගැහුවත්, රජය කියන්නේ දේශපාලකයන් විතරක් නෙමෙයි. ඇමතිවරු, නිලධාරි, රජයේ මාධ්‍ය හමුදා සෙබළු, වෛද්‍යවරු, හෙදියෝ, රියදුරෝ, කම්කරුවෝ ආදී පුළුල් යාන්ත්‍රණයක් රජයට අයිතියි. රජය මෙතනදී කරන මැදිහත්වීම තමයි ප්‍රධාන. අනෙක් අයට පුළුවන් ඒකට උදව් කරන එකයි. රජයට තමයි මෙහිදී වැඩි වගකීමක් තියෙන්නේ. කවුරුවත් ඒකට ආදේශ වෙන්න උත්සාහ කරන්නට ඕනැ නැහැ.

      Delete
    3. හමුදා සෙබළු නම් එවන්න ඇත්තේ ආන්ඩුවෙන්.... අනිත් අය ඔක්කෝම ස්වේඡ්චාවෙන් ආවා මිසක්... ඔවුන් කළමනාකරණය කිරීමේ කිසිම වැඩ පිලිවලක් තිබුනේ නෑ.. ගොඩක් වෙලාවට පොලීසියත්, ග්‍රාම සේවකයනුත් වින්දිතයන් වීමත් ඒකට හේතුවක් වෙන්න ඇති... අර ගොබ්බ එකාබද්ධ මළබද්ධයත් එකයි ආන්ඩුවත් එකයි...

      Delete
  4. අරණායක ජනතාවට දැන්නම් නාන්නටත් එක්ක ආධාර ‍ලැබෙන නමුත් තව සතියකින් දෙකකින් ඒ මිනිස්සු උන්නද මලාදැයි බැලීමට එකෙක්වත් සිටීදැයි සැක සහිතය.

    ReplyDelete
    Replies
    1. ඔව් අර කලින් නාය ගියපු තැන් වල අයටත් මාර ගෙවල් ටිකක් හදලා දුන්නා නේ..

      Delete
  5. උඹටත් ඉතිං ගංවතුර මතක් වෙන්න ආටිගලයා කාටුන් එක අඳින කම්ම ඉන්න උනා නේහ්.. හැක්..

    නලියා ඔය කෑම වැඩේ පටන් ගත්ත හැටි මුල්ම අවස්ථාව ගැන උඹ දන්නවද?? ඒකයි වැදගත්..

    ජය වේවා. පහුගිය දවස් වල ඔ්ෆ්ලයින් වී ගංවතුර කලබැගැනිය සදහා මහන්සි වූ හෙයින් අර අජියාට හා පත්තරයාට මඩ ගසන්නට නොහැකි විය.. එය කෙසේ වුවාදැයි සබැඳි සහිතව හෝ පෙන්වා දෙන්නේ නම් මැනවි..

    ReplyDelete
    Replies
    1. නලියා කරපු දේ මුල ඉඳලම දැක්කා... අන්තරජාලේට එන්න හම්බ උනේ මේ දවස් ටිකේම නිදි මරපු නිසා... අපි ඉතින් අණ බෙර ගහ ගහා දේවල් කරන අය නෙමෙයි නේ... අපිට පුළුවන් විදියට තමයි හැම දේම කරන්නේ... කාටවත් වනයක් නොවි... ඒ දේ ජීවත කාලය පුරාවට ආරක්ෂා කර ගන්න ඇහැක් උනොත් හොඳයි... මොකෝ මිනිස්සුන්ට නේ හැම දෙයක්ම වෙන්නේ..

      Delete
    2. >>අපි ඉතින් අණ බෙර ගහ ගහා දේවල් කරන අය නෙමෙයි නේ...<<.....++++++

      Delete
    3. ලොකු දෙයක්. අණ බෙරයක් ගුව නම් අනිත් උන්ටත් සම්මාදම් වෙන් තිබ්බ හැබැයි.

      Delete
    4. මම කිව්වනේ අජියෝ චැරිටි වැඩ ගැන මගේ තියෙන්නේ වෙනත් කතාවක් කියලා.... මට නම් එක පාඩමක් ඇති ඉගෙන ගන්න..

      Delete
  6. හැම නාලිකාවක්ම වැඩ කරා කියමුකෝ මිනිස්සු වෙනුවෙන්. නමුත් අපි විතරයි අහවල් එක කොළේ කියලා කයිය ගැහීම සුනඛයාගේ පශ්චාද් භාගයේ වැඩක් බව නොකියාම බැරිය.

    කවදත් කොයි ආණ්ඩුවත් කොරන ආකාරයට ආණ්ඩුව අන්තිමට නින්දෙන් ඇහැරී යන්නේ කොහෙද මල්ලේ පොල් වැඩ කොරන්ඩ පටන්ගැනීමත් දෙකොනින් හිනායන වැඩකි. දැන්නම් යන්තමට ට්‍රැක් එකට වැටිලා තිබීම යහපත් (යහපාලන නෙවෙයි) ලක්ෂණයකි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් වනයක් තමයි... හැබයි ඉතින්.... අණ බෙර ගහ ගහා හරි මෙහෙම දෙයක් කොරන්න උනුත් නොහිටියා නම් ජනතාව හාමතේ...

      අන්තීමට උදව් කරපු හැම එකාමත් දැන් අසරණ වෙලා ඉන්න හැටි පෙනවනේ... මේවා එහෙම සංවිධාන ශක්තියක් නැතිව කරන්න බෑ...

      Delete
  7. මොකද්දැ බං ඒ හරුපෙ :D

    ReplyDelete
    Replies
    1. පත්තරමල්ලිතුමාට මඩ ප්‍රදානය කිරීම තහනම් බ්ලොග් වර්ජනය කරමු.

      Delete
    2. මඩ ගොඩකට මඩ ගැහුවට දැනෙන්නේ නැ මම හිතෙන්නේ ...හැක් හැක්

      Delete
    3. බ්ලොග් පොන්නයෝ උන්ගේ ගොඩට අපිවත් දාගන්න හදනවා මචෝ.... උන් පොන්නයො කියලා අපිටත් එහෙම වෙන්න බෑ නේ....

      Delete
    4. රටට ගමට තුති පුදකොට මේ සබයට මන පිනවන්න
      රුවට හැඩට යස කදිමට ලළනාවෝ එයිද නටන්න
      මී මැස්සෝ රොන් උරන්නේ ගුම් නද දී සුවඳ මල් මැද
      නිළ මැස්සෝ මට කියන්න මල් පැණි වල අරුමේ දනීද ...

      ලස්සන මල් සොයා මී මැස්සෝ ගියා
      කුණු කසලක් සොයා නිළ මැස්සා ගියා ...//

      මිතුරා ඔබගේ හතුරා වුනොත් - ඒ මිතුරාට බඳිනවා වෛරෙ
      දෙබරා ඔබගේ වෙයි හතුරා - දෙබරගේ කැඩුවොත් දෙබරේ
      බඹරා විස ඇති බඹරා - ගල් ගැසුවොත් වැටෙයි කරදරේ
      වඳුරා කැලේ වානරයා - වරුණ කරයි වලිගෙ විස්තරේ ..

      වඳුරට වස්තරේ නැත ඌට කේන්දරේ
      වලිගයේ විස්තරේ කියයි වනන්තරේ ...//

      බල්ලෙක් කොපමණ බිරුවත් - අවට තියන කඳු පෙරලෙයිද
      කොල්ලෙක් කෝප වී බැන්නට -ඤනවන්ත කෙනෙක් කිපේද
      මෙ නරියෝ කැලේ හු කිව්වට - සිංහ පැටියා බය සැක වෙයිද
      කෙසරයා බඩගින්නට - කියන්න තණකොළ කනවාද ...

      කේසර රාජයා අහන්කාරයි සුරයා
      නරියා කපටියා කයිවාරු කාරයා .. //

      ගෝලයා මුසිලයා - ගියා ගුරත් එක්ක සමග වාදේට
      ගුත්තිලයා පඬිවරයා - වැදෙන ජය ගත්තා සැබැට
      මේ නාගයා ඇදී ඇදී යන විට - කරබාගෙන ඒකාගේ ගුලට
      මෝඩ වෙන්න එපා එපා පාගාලා එකාගේ නගුට ...

      මෝඩයා මෝඩයා අහන්කාරයි මෝඩයා
      ඉවසිලිවන්තයා එයා ඤනවන්තයා ....//

      ගායනය - පෝල් ප්‍රනාන්දු

      Delete
  8. වැඩ බැරි ටාසන්ලා මාතෙ වැඩ බැරි ටාසන්ලා. ටාසන්ල උනත් වැඩ බෑ. හයියෝ සල්ලි. මුං ගංවතුර ඉවරවෙලා වැඩ පටන්ගන්න හදනවා ඇත්තෙ කන්න ලේසි නිසා වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. එතකොට නිවිහැනහිල්ලේ කන්න පුළුවන් නේ...

      Delete
  9. නලීන්ලාගේ දෙවෙනි මෙහෙයුමට (නිවාස පිරිසිඳු කිරීම ) සුලුවෙන් හෝ දායකවීමට කතාකරගත්තා. අන්න ඒවා තමයි වැඩ. පුලුවන් විදිහට අතගහන්න තමයි තියෙන්නේ. ආපදා කළමනාකරන ඔෆිස් එකේ මේස දෙක වටේ වාඩිවෙලා බූරු ගැහුවානම් ඔයිට වඩා හොඳයි. ඒක දැක්කාම අනේ අපොයි සිරිලංකා කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා ඔයි ටික කිවුවාම ඔහෙ කීවේ දේසපාලන වෛරය කියලා නේ....

      දැන් ඔය ආපදා කලමනාකරනෙට බන්නින්නේ දේසපාලන මෛත්‍රියෙන් වෙන්න ඇති නේ?

      Delete
    2. සරස......ඔබ ලියපු දේ ආපහු කියවන්න. මම ලින්ක් එකක් දැම්මෙත් ඔය අඩුපාඩු එතන සාකච්ඡා වෙන නිසාමයි. අහන්න මරා මහත්තයාගෙ තංගල්ල-කසාගල දේශනය. ආපදාවකදි පිස්සු බල්ලෝ වගේ බුර බුරා ගිහින් හරියන්නේ නැහැනේ. ලොක්කා කියන දේවත් අහන්න.

      Delete
    3. පොඩ්ඩක් ඔතෙනට කෝල් එකක් දීලා බලපන්කෝ.... මාර ආතල් එකක් දෙන්නේ....

      Delete
  10. සියල්ල සිඳු වී තිබෙන්නේ ජනතාව වගුරු බිම් ගොඩ කල හේතුවෙන්ය. අප දන්නා ආකාරයට නම් සාමාන්නිය ජනතාවට වගුරු බිම් ගොඩ කොරන්නට බැරිය. ඕවා කරන්නේ කාළකන්නි දේසපාලුවෝමය. ඒ ගේම, නොම්මර එකේ පාතාල බිසිනොස් එකක්ය. //////// 100 % true

    ReplyDelete
    Replies
    1. තලවතුගොඩ හරහා හෝකන්දර පැත්තට යද්දී පටු බෝක්කුවක් (පාලමක්?) තියෙන තැන දකුණු පැත්තේ තිබ්බ කුඹුරු ඉඩමක් මහින්දගේ කාලේ ඉරිදා දවසකදී ගොඩ කරලා තිබුනා...
      වැඩේ එක දවසෙන් ඉවර කරලා, පහුවෙනිදා පොලිසියෙන් ඇවිත් ඒ ගොඩ කරපු පස් ආපහු ඉවත් කරන්න පටන් ගත්තා...
      දවස් දෙක තුනකින් වැඩේ ඉවර කරලා ආපහු තිබ්බ තත්ත්වෙට ගත්තා...
      යහ ආණ්ඩුව ආපු ගමන් ආපහු ඒක ගොඩ කරලා දැන් එතන Housing Complex එකක් ගහන්න බෝඩ් එකක් දාල තියෙනවා...
      බැලින්නම් ඒ ඉඩම හු.ඇන්.පී. මොකෙක්ද එකෙක්ගේ...
      ඒකයි මහින්දලා ගොඩ කරන්න නොදුන්නේ සහ දැන් ලස්සනට ගොඩ කරලා තට්ටු දහයක විතර බිල්ඩිමක් ගහන්න පටන් ගන්නේ...
      එහෙව් ප$#% අපේ පිට වැරැද්ද පටවන්න හදනවා...

      Delete
    2. ජනතාව වගුරු ඉඩම් ගොඩ කරනවා කියලා මොන පත්තරේද දන්නේ නෑ තිබුනේ....

      Delete
  11. ආපදාවන්ට ලක්වූ මිනිසුන් බේරාගැනීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීමටත් ​Facebook සහ වෙනත් විද්‍යුත් හා ජනමාධ්‍ය හරහා අතිවිශිෂ්ට සේවයක් කල සියලුම විරුවන්ට අපගේ උපහාරය හිමිවේ. මේ එකෙකුවත් උන්ගේ පින්තුර අනාථයන්ට බෙදන මලුවල ගසාගත්තේ නැත. මිනිසුන් හැරුනාම ආපදාවට පත් අහිංසක සතුන් බේරා ගැනීමට ඉතා සාර්ථක මෙහෙයක් ඉටු කළ ​Ray of Hope Sri Lanka​, Care for the Voiceless (C4V) Best Care Animal Hospital වැනි සංවිධානද දහස්ගණනක් වූ ස්වෙච්චා සේවක සේවිකාවන්ට ද අපගේ ප්‍රණාමය හිමිවේ. මාතලන් කීවාක් මෙන්ම පාර්ලිමේන්තුවේ දෙපැත්තේම ඉන්න එවුන්ගෙන් රටට කිසි යහපතක් නැත. හොඳයි කියා හිතපු එවුනුත් දැන් පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ අමු කුණු හරුප වලිනි.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් නොතිබුනා නම් මිනිස්සු තාමත් හාමතේ...

      තාමත් ගේමේ ඉන්න ඒ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට අපි සදා ණය ගැතියි....

      Delete
  12. කතාව නම් ඇත්ත ඉස්සර නම් පොඩි පොදේටත් රත්නපුරේ ගඟක්... දැං නම් ඒ කේස් එක නෑ.. (හැබැයි ඒ වැලි ගොඩදාපු හින්දද කියල නම් දන්නෑ...) . අවදානම් කලාප වල අයට ඉඩම් ගෙවල් දුන්නම.. ඒ ගෙවල් කුළියට දීල ආයෙත් පුරුදු තැනම ඉන්නව කියල කතාවක් තියෙනව නේද මාතා?
    අර කියන්නා වගේ ආපදා කළමණාකරනය කරන්න පුලුවන්නම් කොච්චර සෝක් ද... (අඩුම තරමෙ දෙයක් වෙන්න කලින් දැන ගන්නවත්..) දැං සුනාමි අනතුරු පද්ධතිය හරියට වැඩ නැත... ඒවා දැනගන්නේ පිට එවුන්ගෙනි... කෝටි ගණනක් වියදම් කර දෙනියාය පැත්තේ සෙට් කල "ඩොප්ලර් රේඩාර්" උපකරණය හයි කරපු දා සිට වැඩ නැත.... කාලගුණ දෙපාර්තමේන්තුව මිනිසුන්ට බොරු බේත් දෙයි... රටේ නායකයා.. නෑ... ඒ ගැන කතා කල යුතු නැත...

    ReplyDelete
    Replies
    1. හැම තැනම ආන්ඩුව වගේම තමයි.... කිසිම කළමනාකරණයක් නෑ.... පට්ට අසමත් රාජ්‍යයක්...

      Delete

  13. නලියා ඇතුළු වැඩේට බැස්ස සියලු යහපත් මිනිස්සුන්ට අපේ ප්‍රණාමය!!,

    වැලි ගැන කියූ නිසා මේ ගැනත් ලියන්න ඕනි. කැළණි ගඟේන් අවුරුද්දකට වැලි කියුබික් මීටර් ලක්ෂයක් දෙකක් අතර ප්‍රමානයක් මුහුදට එන බවයි කියන්නේ. ඉස්සර මීට වැඩියෙන් එන්න ඇති කියල හිතනවා.
    මේ ප්‍රමානේ තවත් අඩු වුනොත් කොළඹ වරායට උතුරු පැත්තෙන් තියෙන වෙරල තීරය හොඳටම හේදිලා යන්න පුළුවන්. ලංකාවේ දකුණු වෙරළේ ඉඳන් බටහිර වෙරළට වැලි ගමන් කරන බලපෑමක් තියෙනවා කියල සමහර පර්යේෂකයෝ කියනවා. සමහරු එහෙම නෑ කියලත් කියනවා. ඒත් කිලෝමීටර් එක හමාරක් විතර දුරට දකුණු කොළඹ වරායේ හදල තියෙන දිග බ්රේක් වෝටර් එකයි ඉස්සරහට හදන්න තියෙන වරාය නගරයයි හින්ද එහෙම වැලි ටිකක් එනවානම් ඒකත් නවතිනවා. කැළණි ගඟේ තවදුරටත් මහා පරිමානෙන් වැලි ගොඩ දාන්න පටන් ගත්තම මෝදර ඉඳන් මීගමුවට යනකන් වෙරළට දෙයියන්ගේ පිහිටයි.

    ReplyDelete
    Replies
    1. // ඉස්සරහට හදන්න තියෙන වරාය නගරයයි හින්ද //

      අවුලක් නැහැ... රනිල් තුමා වරාය නගරය හැදීම නතර කොලා අමතකද?

      Delete
    2. එහෙම නම් ඉතින් පෝට් සිටි එකෙන් මාර ඩැමේජ් එකක් වෙයි නේ.... මහා පරිමානයෙන් වැලි ගොඩ දැමීමක් නෙමෙයි මේ කියන්නේ.... සීමාවක් සහිතව වැලි ගොඩ දැමීමක්.. ගනන් මිණුම් ඇතිව.. නිසි පරිපාලනයක් යටතේ... එහෙම නැතිව ටිපර් ගනන් අදින එකක් නෙමෙයි... ඉස්සර එහෙම දෙයක් තිබුනා.. පාරුවලින් ගොඩ දාන... ගඟ ගැන දන්නේ ගඟ ගාව ඉන්න මිනිස්සු... කන්ද ගැන දන්නේ කන්ද ළඟ ඉන්න මිනිස්සූ... ඒත් ඒ මිනිස්සුන්ට මේවා කරන්න දෙන්නේ නෑ.. කන්ද ළඟ ඉන්න මිනිහට යන්න තැනක් නෑ.. කෙල උනායින් පස්සේ අධි ආරක්ෂිත කලාප කරලාවත්.. අපි එයාලට අයින් වෙන්න කිව්වා.. එයාලා යින් උනේ නෑ කියන ඒවත්... අපිට නම් කියන්න තියෙන්නේ බයිලා කියලා තමයි....

      Delete
  14. ඔන්න ඔහොමලු උනේ..!
    මචෝ..අසූ ගනන් වල සත්නපුරේ ගංවතුර නවත්තන්න සොච්චං ප්‍රොජෙක්ට් එකක් තිවුනා..වේ ගඟයි කලු ගඟයි හා වෙන තැන ඉඳන් මුවගම හරහා ගඟ කෙලින් කරා අලුතෙන් හාරලා...ලොකු ගල්තලාවකුත් මට්ටම් කලා මතක විදියට..ඉන් මනත ගඟ කරදර කලේ නෑ ටවුමට නං...
    වැලි හෑරීම කචල් කේස් එකක් නේද?

    ReplyDelete
    Replies
    1. ඕන දෙයක් මහා පරිමානයෙන් කොරොත් නම් කේස් එකක් තමයි... එහෙම වැලි ගොඩ දැමීමක් නෙමෙයි මම කියන්නේ... ගඟේ ගැඹුර වැඩි කිරීමක් ගැනයි... කළු ගඟට මක්කා හරි කරපු නිසා තමයි අද රත්නපුරේ බේරිලා තියෙන්නේ...

      කොහොමත් මචෝ අපේ ජන ඝනත්වය දැනටමත් හුඟක් වැඩියි... ඒකට පිලියමක් යොදන්න ඕන මුලින්ම.. ඒත් ඉතින් ගනින්නාන්සෙලා සිවුර ඔළුවේ ඔතා ගනියි ඕවා කිව්වොත්...

      Delete
  15. හුටා මෙන්න ඇප්ලිකේෂන් දාන්න වෙලා කමෙන්ට් ඇපෲවල් වලට..මොනාද බං...????

    ReplyDelete
    Replies
    1. අනෝලට පිස්සු කෙලින්න දුන්නාම.. අන්තීමට විචාලා අපිව මරාගෙන කනවා... ඒ නිසා මෙහෙම හොඳා...

      Delete
  16. අපේ උං හැමදාම ආපදාවක් උනාම හැම දෙයක්ම නිකං දිය යුතුයැයි බලා ඉන්න උංය. දෙවැනි ලෝක යුද්ධයේදී හිරෝෂිමා නාගසාකි පොළොවට සමතලා විය. 2011 සුනාමියෙන් ජපානයේ වැඩි හරියක් පොලොවට සමතලා විය. නමුත් උං ඉල්ලාකවේ උන් මෙන් ඉල්ලං කෑවේ නැතිය. තමන් ගොඩයාම තම හැකියාවෙන් කළ යුතු බව උං වටහාගෙන ඉන්නේය. අද ලංකාවට ආධාර දීමට තරම් උන් ගොඩ ගිහින් ඉවරය. පරමාණු විකීරණ වලින් අදත් දුක් විඳින උං අමරිකාවෙන් ආධාර ඉල්ලනවා මමනං දැක නැතිය. හැක්... ය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මිනිස්සු ආධාර ඉල්ලුවේ නෑ මචෝ.... මිනිස්සු දුන්නා මිසක්... ඔය අළුත් පාළම උඩ ඉන්නේ නම් කම්බා හොරු... කොටින්ම කොළඹ පාතාලේ... උන්ට ඉතින් "කැවියා" දුන්නත් ඔච්චර තමයි....

      Delete
  17. හු හූ මෙන්න මෙන්න මෙයා මොඩරේට් කරල

    ReplyDelete
    Replies
    1. හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්..

      හැබැටම මහලොකු චන්ඩි ටෝක් දෙන මෙයත් යහ පාලනය නිසා හොඳටම කොරවෙලා ගංවතුර නිසා එහෙම නොවෙයි හොඳේ

      Delete
    2. මෙහෙමනේ මචෝ සීන් එක... එකක් මේ දවස්වල මේක දිහා එක දිගට ඇහැ ගහගෙන ඉන්න බැරි එක... අනික ඇවිල්ලා එක එකාට ඇනෝ ගැහුවාම... උන් හිතන්නේ මාතලන් එහෙම කොරනවය කියලා... කොටින්ම උඹත් හිතන්නේ එහෙමනේ....

      Delete
  18. නලීන් අයියල එක්ක සෙට් වෙලා ෆේස්බුක් සෙට් එක වැඩේට බැස්සේ නැත්නම් හිටං ඇතුළු පිරිස වතුර බැස්සට පස්සේ එනකොට මීට වඩා මිනිස්සු දුක් විදලා. ඇත්තටම ආන්ඬුවක් ඕනද කියලා හිතෙන්න ෆේස්බුක් කට්ටිය ගේම ගැහුවා. රෙස්පෙක්ට්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආන්ඩුවක් ඕන නෑ බං....

      Delete
  19. වටිනාම අවස්ථාවේ ලැබුණ තිත්ත ඇත්ත පැහැදිලි කර දෙන ලිපියක් ! නලින් චතුර දෙන්නාම great වැඩකාරයන් විදිහට කරපු, දැනුත් කරගෙන යන වැඩේට මගෙත් උපහාරය.

    ReplyDelete
    Replies
    1. අර ගොම්මන්පිල කියන මී ගවයා කියලා තියෙන්නේ පිසූ ආහාර ගේන්න එපාය කියාලා... ඌට පිස්සුද එහෙම නැත්නම් උගේ උපන් ගතියද....?

      Delete
  20. නලින් චතුර වගේ ග්‍රේට් වැඩට බැස්ස සාමාන්‍ය මිනිස්සු නොහටියා නම් ? දැනුත් උන් අනෙක් අය නොදකින අවශ්‍යතාවන් අවශ්‍ය තැන් බලබලා පිහිට වෙන්න දඟලනවා.

    ReplyDelete
    Replies
    1. නේවී එකෙන් ආවේ ඔක්කොම යට උනාට පස්සෙ... මිනිස්සු තමන්ගේ මුදලින් බෝට්ටු ගෙනාවේ මුලින්ම...

      Delete
  21. සිඩ්නි නගරයේ ආධාර එකතු කිරීමේ වැඩ පිළවෙල් දියත් කර තියෙනවා සිංහ සමාජයේ කණ්ඩායමකින්. ඊට අමතරව පුද්ගලික වැඩ සටහනුත් දියත් කර තියෙනවා.

    කැන්බරාවල හයි කමිෂන් (එම්බසි) එකේ අරමුදලක් ගැනත් විස්තර ආවා. මාතලනුත් කියා ඇති පරිදි ලංකාවේ ආණ්ඩුවට සල්ලි දීම නම් අමු මෝඩ කමක්.

    කොටින්ම ඕස්ටරේලියන් රජයෙන් ප්‍රධානය කළ ඩොලර් 500,000 ආධාරය දෙන්නේත් යුනිසෙප් (UNICEP) එක හරහායි!

    ReplyDelete
    Replies
    1. ඔය මුදල් පරිත්‍යාග කරන මිනිස්සුන්ට මහාචාර්ය සරත් විජේසුරීය, මහ බැංකුවේ ලොක්කා හෙවත් අර්ජුණ මහෙන්ද්‍රන් ගැන ගිය ඉරිදා ලියපු සටහන කියවන්න දෙන්න....

      Delete
    2. ගිය ඉරිදා "රාවය" පුවත් පතට ලියූ ළියුම කියා එන්න ඕන...

      Delete
  22. අද උදේ නිව්ස් අහද්දී මුදල් ඇමති කියන කේප්ප වස්සා කියනවා, රටින් එන මුදල් කෙළින්ම ජනතාව අතට පත් කරන්න හදන ජාවාරමක් තියෙනවලු...
    එහෙම අය ගැන දැන ගත්තොත් කියන්නලු, අපි කරන්න ඕනේ දේ කරන්නම්ලු...
    කෙලින්ම හිරේ දානවලු...
    ඌට හොරා කන්න තියෙන චාන්ස් එක අඩු වෙයි කියල වෙන්න ඇති ඒ හොරාට බය...
    කෙලින්ම මිනිස්සුන්ට ආධාර කරන එකෙන් තමයි මිනිස්සුන්ට වැඩක් වෙන්නේ...

    දැන් ඔය කියන විදිහට රට ඉන්න අපේ උන්ගේ සල්ලි අරගෙන මෙහෙ කවුරුහරි ආපදාවට ලක් වෙච්ච එකෙකුට ගෙයක් හදල දෙන එකත් ජහ ආණ්ඩුව අනුව හිරේ යන්න වෙන වැඩක්නේ...
    මේ මී හරක් ටික ගෙදර යනකං පරිස්සමින් ඉන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. // මේ මී හරක් ටික ගෙදර යනකං පරිස්සමින් ඉන්න වෙනවා... //

      මේ වෙසඟේ එම මීහරක් ඉක්මනින් මස් කඩයට දක්කමු.... හැබැයි ලොකු පුතේ මී හරක් මස් නම් ඌස්නයි!

      Delete
    2. මේ මී හරක් ටික හිටපු මී හරක්ට වඩා නම් හොඳයි...

      මොකෝ මුන් හොරකම් කරන්න දන්නෙත් නෑ...

      Delete
    3. ඇත්තටම වෙන්න ඕනේ කෙලින්ම විපතට පත්වුණු මිනිස්සු අතට මුදල් යන එක. එහෙම කිව්ව නම් එක හුඟක්ම වැරදි කතාවක් .

      Delete
    4. එකාට එකෙක් විශ්වාස නැති...අවිශ්වාසය මතම සමාජ සම්බන්දතා ගොඩනැගී ඇති වටපිටාවක මොන ක්‍රියාමාර්ග ගත්තත් ඒවා ප්‍රශ්නකාරීයි. අපි තාම සුනාමියේ ආපදාවලින්වත් සීයට සීයක් ගොඩ ඇවිත් නැති බව ඇහෙනවා.

      Delete
  23. ගංවතුර මගින් ඇතිවන තත්වයන් පාලනය කිරීම සදහා කටයුතු කල යුතු ආකාරය පිලිබදව රටේ ජනතාව මොනතරමින් උපදෙස් සහ යෝජනා ඉදිරිපත් කලද රජයකට අවශ්‍ය වන්නේ රටේ ආර්ථික කටයුතුවලට බාධාවක් නොවන තත්වයක් දක්වා පමණක් ස්වභාවික උවදුරු වලින් සිදුවන හානිය වලක්වා ගැනීම පමණය, කොළඔ ප්‍රදේශය ගංවතුරින් මුදවා ගැනීමට රජයට අවශ්‍යතාවයක් ඇතිවේනම් එලෙස ඇතිවන්නේ කැළණිය, වැල්ලම්පිටිය, සේදවත්ත වැනි ප්‍රදේශවල සිටින මිනිසුන්ගේ දේපල හෝ ජිවිත ආර්ක්ෂාකර ගැනීමට නොව කොළඔ නගරයේ ආර්ථික කටයුතු වලට එයින් ඇතිවන බාධාව වලක්වා ගැනීමටය.....

    පළමුව ඒ ප්‍රදේශවලට ඇතුල්වුයේ එම මාධ්‍යයැයි පවසමින් මාධ්‍යය විසින් කරනු ලබන ප්‍රවාරයන්වල නිරවද්‍යතාවය පිලිබදවනම් මාහට ගැටලුවක් ඇත. ඔවුන් මෙම තත්වය තමන්ගේ මාධ්‍යයේ නාමය ප්‍රචාරණ කටයුත්තක් ලෙස වැඩි වශයෙන් භාවිතා කරමින් සිටිනවා දකින්නට ලැබුනේය. එයින් අමතර වාසියක් ලෙස ජනතාව අභිපේරණයවී ආධාර වැඩිපුර ලබාදෙනු දක්නට හැකිවිය...

    මමනම් දකින පරිදි ආධාර ලබාදීමේදි ඇතිවු ප්‍රධාන ගැටලුවක්වුයේ සාමාන්‍ය පිඩාවට පත්වු පිරිසි තමන්ගේ නිවාස අතහැර ආරක්ෂිත ස්ථානවලට යෑමට දැක්වු දැඩි අකමැත්තය, මෙයට ප්‍රධාන හේතුවක්නම් එම ජනතාවගේ දේපළ සොරකම්කරනු ඇතැයි යන බියයි, මෙලෙස දේපළ සොරාගනු ලබන්නේ රජය විසින් නොවන බැවින් සහ මෙවැනි තත්වයක් යටතේ දේපළ ආරක්ෂා කිරිමේ හැකියාවක් ආරක්ෂක අංශවලට ඇතැයි සිතනවානම් එය මුලාවක්ය. සැබවින්ම කොවැනි තත්වයකදී වුවද එය ආරක්ෂක අංශවලට සම්පුර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකිය

    විවිධ ආයතන හරහා ආපාදාවන්ට ලක්වු ජනතාවට සහනාධාර ලබාදෙන ආකාරයට රජයට ආධාර ලබාදිිය හැකියැයි මම සිතන්නේ නැත. යම් ආයතනයක් විසින් පාරවල්වල සිටින ජනතාවට ආධාර බෙදමින් ගියද රජයට පිසු ආහාර හැර වෙනත් ආධාර ලබාදීමේදී ආධාර ලබාදුන් පුද්ගලයින්ගේ නාම ලේඛනයන් ගැනීමට සිදුවනවාය, එමෙන්ම යම් සාධාරණියකරනය කලහැකි ක්‍රියාපිලිවෙතක් භාවිතාකිරීමට සිදුවනවාය, මෙලෙස වන්නේ රජයේ නිලධාරින් අතින් සිදුවියහැකි දුෂණයන් හා අක්‍රමිකතාවයන් අඩුකිරීම (නැතිකිරීම නොවේ) සදහාය.

    දිගින් දිගටම ගංවතුරට ලක්වු බද්දේගම වැනි ප්‍රදේශයක සිට ගංවතුර තර්ජනයක් ඇති කැළණියට පැමිණ සිටින සහ ගංවතුරට යෙදු ප්‍රායෝගික පිලියම් ගැන අවබෝධයක් ඇති පුද්ගලයින් තරම් යෝජනා මාහටනම් නොමැති අතර ආචාර්ය මහාචාර්ය වරුන්ගෙන් උපදෙස් ලබා ගැනිම වෙනුවට මෙවැනි අත්දැකිම් සහිත පුද්ගලයින් උපදේශකයින් ලෙස යොදාගන්නවානම් රනිල්ට තව තවත් දියුණු විය හැකියැයි නිකමට සිතේනවාය,

    ReplyDelete
  24. රටට විපතක් වූ අවස්ථාවේ පවා පොල් ගහපුවා කිය කිය ලෝකෙ නැති ආඬි ගෙනත් සුදුමල් මන්දිරේ යාග හෝම කර කර පන් එකේ ඉන්න පුළුවන් කියන්නෙ මුං මනුස්සයෝ නම් නෙමෙයි.
    රටේ බර මිනිස්සු කරට අරන් වැඩ කරලා යන්තම් ශේප් කරගත්තෙ.අදටත් මිනිස්සුන්ගෙ පොකට් එකෙන් ආධාර එකතු කරන අවලං හැත්තක් නෙ රට කරන්නෙත්.
    මාතයියෙ මේකෙ භයානක කම එන්නෙ මිනිස්සු නීතිය අතට ගන්නත් මේ වගේම පෙලඹෙන්න ලොකු ඉඩක් තියෙන නිසයි. හැබැයි එහෙම උනොත් අනිත් ප්‍රස්න අමතක කරවන්නත් ලේසියි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එතකොට නම් වැඩේ දෙන්න පට්ට කළමණාකරනයක් මෙයාලට් අවුරුදු 2500 ක් සෙරේස්ට ඉතිහාසේ ඉඳන්ම තියෙනවා....

      Delete
  25. ඔය ගිණුමට දැනටම සල්ලි දාපු අන්ද කයිප්පු කාරයෝ මොක්කුද දන්නේ නෑ! දැනට එකතු වෙච්චි ටිකෙන් මොනවා කොලාද කියලවත් කියන්නේ නෑනේ!
    මිනිස්සු ඉන්න තැනකට ගිහාම තමයි තේරෙන්නේ DMC යක්කු මොකුත් කොරලා නෑ කියලා!

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව මීට වඩා හොඳයි කස්ටිය දාලා වාද බයිලා සංදර්ශණයක් වගේ එකක් තිබ්බා නම්... පොඩි ආතල් එකක් හරි ගන්න තිබුනා....

      Delete
  26. How ever this garment do very good work to help distoy area people. Mahinda suport people no like this. They always blame to garment and President. Garment and president no can stop natchural destoy.

    ReplyDelete
    Replies
    1. yes yes... this garmant good garmant... our cunt-tree is good cunt-tree

      Delete
  27. උණු දේවල් දැන් වී අවසන් ය. නමුත් කේදනීය තත්වය මෙයයි....

    සෑම ප්‍රදේශීය ලෙකම්කාර්යාලයකටම රජයෙන් නියම කරලා තියනවා ප්‍රාම නිලදාරී වසම් හොඳින් නිරීක්ෂණය කරලා ගංවතුර, නාය යෑම් අවධානම් කළාප තියනවානම් දැනුම් දෙන්න කියලා.. ඒ විදිහට දැනුම් හදුනාගත්ත ප්‍රෙද්ශ ගැන දැනුවත් කරල තියනවා.. ඒත් ඊලඟ ව්‍යසනය වෙනකල්වත් රජයේ අවධානයක් ඒ ගැන නැ....
    දැනට වසරකට කලින්ආසන්න ප්‍රදේශයක පස් අරන් ගිහින් තියනවා බූවිධ්‍යා කාර්යාලයෙන්. නමුත් මේ වෙනකල් ඒ ගැන වාර්ථාවක් නැ... පහුගිය දින කිහිපයේ වගේ වර්ශාව ඇද හැලුනොත් මේ වගේම ව්‍යසන මේ ආසන්නයේ ඉදිරියේ දී වනු ඇත.. අපට වන්නේ එවිටත් කනගාටු වීමටත්, හැකි පමන උපකාර කිරීමටත් පමණි.. රජයට ඇත්තේ කිරීමට කුමක්ද???



    ReplyDelete
    Replies
    1. හෙට ආයෙත් සුනාමියක් ආවත් ඔච්චරයි...

      වාසනාවකට පිටරට චැනල් වල සුනාමි ඇලර්ට් වගේම, අපේ රටේ කාළගුණේ ගැනත් කියනවා.... හංවැල්ලෙන් වතුර පිටට දාන කොටවත් කොළඹ ඉන්න මිනිස්සුන්ට අනතුරු ඇඟවීමක් කරන්න බැරි ආන්ඩු... ආනුඩු නෙමෙයි... මේ ඔක්කෝම පාන්ඩු... එදා සිට අද දක්වා...

      Delete
  28. වතාවක් මට ට්‍රේනින් හදාගන්න බලන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානෙට ගියා, එසැනින් පිටිපස්සවත් නොබල දුවගෙන ආව. ඒසී කාමර, මේස, පුටු ඇරෙන්න ඒකෙ වෙන දෙයක් නෑ.
    ආපදා කලමනාකරණය ගැන අපිට තියෙන වැඩපිලිවෙලනම් බලු වටින්නෑ. මේව දැන්වත් හැදෙන්න ඕනෙ.
    මිනිස්සුන්ට උදව් කරපු කතාවෙදිනම් රජයට වඩා සමාන්‍ය මිනිස්සු ඉස්සරහින් හිටිය. රජය තනි වුණානම් මේ තරං හොඳට ඒ වැඩසටහන කරගන්න රජයට බෑ. කෙසෙල් ගෙඩි බෙද බෙද තමා ඉන්න වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නෑ දරුවෝ.....

      Delete
  29. ෆේස් බුක් ආණ්ඩුවක් හදලා නලියාව ප්‍රසිඩන්ට් කරමු. බ්ලොග් විපක්ෂයක් හදලා සරස විපක්ෂ නායක කරමු. :D මාතලන් ව කැබිනට් ප්‍රකාශක කරලා නෙලුන් අජිත්ව මුදල් ඇමති කරමු. විහිලුවට නෙවෙයි යකෝ.. සිරාවට..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න