.

.

Nov 4, 2015

වෙපන් ට්‍රේනින් ලබා දිය යුතුමය - Weapon Training for Donkeys


අර අනාවැකි කියන අන්ධ කොලුවා කියනා විදියටම, රනිල්ට මේ පාරත්, අම්බානක කාලා, හත් පොලේ ගාගෙන, ළඟදීම ආයෙත් විපස්ස නායක රෝල් එක රඟපාන්නට ලැබෙනා එක නම්, ඉර හඳ මෙන් විස්වාසොය. ඊළඟට පත්වන් ආන්ඩුවේ අගමැති මහින්ද වූවද, ටොයියෝ නිකං අපරාදේ පපුවේ අමාරු හදා ගන්න ඕනා නැතිය. සිරා සහ මරා යන්නේ ඒ ගේමටය. රනිල් වාගේ අයට ඒවා නොවැටහීම, ඇත්තටම මේ රටේ අවාසනාවය. කොහොමත් රනිල්ගේ ඉල්ලා ගෙන කෑම, අත් අරින්න බැරි හැබිට් එකක් ගානය.

හෙට ඡන්දයක් තිබ්බොත්, ආයෙත් මහින්ද ප්‍රමුඛ ජාතිවාදී හොර නඩය කිසි අවුලක් නැතිව, නැවත බලය ලබා ගන්නවාය. යහ පාලනයක් ගොඩ නගන්න ජීවිත් පරිත්‍යාගයෙන් කටයුතු කල උන්ට පවා මේ ආන්ඩුව තිත්ත වෙලා අහවරය. 

ආර්ථිකය නන්න පෝල්ය. බිසිනොස් කුඩු පට්ටම් වෙලාය. තේ ගොයියන්ට වෙලා තියෙන්නේ අතේ ගහන්නය. රබර් ගොයියන්ට නම් එළ කිරි වෙනුවට රබර් කිරි පානය කොරන්න හරි පුළුවන්ය. එදිනෙදා අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල ඉහළ යන්නේ සිරිසේන ලොක්කා රට සවාරි යන එරොප්පෙලේන් වලටත් වඩා ඉස්පීඩ් එකේය.

අනේ පව්.., ඔන්නොහේ තව අවුරුද්දක් වත් පටි තද කොරගෙන ඉන්වෙස්ටර්ලා ටික සිල්වෙස්ටර් ඉස්ටැලෝන් එක්ක එනකම් පොඩ්ඩක් ඉවසාගෙන ඉමු මචෝ කියා සැනසෙන්න වත් බැරි, මුන් කෙලිනා අම්බ පිස්සු නිසාමය. 

සම හරක් හිතාගෙන උන්නේ, හර්ෂලා, එරාන්ලා, හරීන්ලා ආවාම, මාර ගේමක් දෙයි කියලාය. ඒත් ඉතින් ඉකොනොමි උස්තාද්ලා වෙන එරාන් නම් බෑන්කර් කියන්නේ, මෙහේට වඩා හොං කොං වල බඩු මිල වැඩියෙයි කියලාය. මිනිස්සු එයාලා පත් කරලා යැව්වේ, මේ වගේ කිං කොං කතා අහන්න නෙමේය. එතකොට උන්නැහේගෙන් අපිට අහන්න තියෙන්නේ, එහේ අදායම අපේ ආදායමට සමානද උන්නැහේ කියලා ඉතරය.

එයිටාමතරව අර ආන්ඩුව කෙලපු පිස්සු ඒ ආකාරයෙන්ම හා ඊටත් එහා යමින් කෙලීමේ කෙල්වරක්ද නැත. මුන් හදන්නේ, අවුරුදු පහක් තිස්සේ, අලි බබා හා හොර නඩේ හොරා කාපුවා, වසරෙන් දෙකෙන් හම්බ කොර ගන්නටය. කැඳ හැලියේ, අලි පාටියේ ඉන්නා උන්ගේ නම්, දැන් දැන් කරුංකා කේස් වලටයි, පගා කේස් වලටයි ඇඳෙන්නේ ඒ නිසාය. රනිල්ගේ දකුණු අත වගේ ඉන්නා සාගල ගැන එන රිපෝට්ස් වලින් පෙනෙන්නේ, මේක වැඩි කල් යන්න කලින් යම පාලනයක් වෙලා. මිස්ටර් ක්ලීන්, මිස්ටර් බීන් නොව, මිසටර් ඩස්ට් බින් වෙනා බවය.

රටේ කප්පරක් ප්‍රශ්ණ තියෙද්දී මුන්ට තියෙනා ළොකුම පුරස්නේ වෙලා තියෙන්නේ වෙපන් ට්‍රේනින් එක ගන්නා එකය. ඒ මළදානේ එපා කියපු ප්‍රේමදාස පුතාට අපේ ගෞරවය හිමි වෙනවාය. මහා මානව හිතවාදියෙක් කියා පෙන්වන, අජිත් පී පෙරේරාට අපිට කියන්න තියන්නේ ගූ හතයි මහත්තයෝ කියලාය.

වන් ෂොට් ගැන නම් කතා කොරලා වැඩක් නැතිය. මහින්ද ගාව උන් මර්වියාගේ පාට් එක රනිල් වෙනුවෙන් කරන්නේ රන්ජන් උන්නැහේය. එයා සිනමාවේ වන්ෂොට් උනාට. කලටිපොල් වල නම් රඟපාන්නේ, බන්දු සමරසිංහගේ පාට් එකය.

මාතලන් නම් කියන්නේ, වෙපන් ට්‍රේනින් එක දෙන්නම ඕනා කියලාය. ඒවා දියවන්නාවේ පිස්සන් කොටුවටත් ගේන්න දෙනවා නම්, බොහෝම ඉස්තරන්ය. මොකෝ දුමින්ද සිල්වලා, භාරතලා, කොලොන්නාවේ පෙන්නපු සෝ, ලයිව් ටෙලිකාස්ට් එකෙන්ම ජහ මනයාට නැරඹිමේ වාසනාව හිමි වෙන නිසාය. මොකාට දුන්නේ නැති උනත්, වාසුට හා දිනේස් ගොයියන්ට, T 56 දෙකක් දුන්නා නම්, නියම ගන් පයිට් ටිකක් බලා ගන්නට පුළුවන්ය.

ඇත්තටම මුන් මේ වෙපන් ට්‍රේනින් ඉල්ලන්නේ ජනතාවගෙන් ආරාස්සා වෙන්න නම් මුන්ට පිස්සුය. මුන් ඇවිල්ලා ජනතා සේවකයෝ මිස ජනඝාතකයෝ නොවනා නිසාය. වෙනත් රටවල නායකයෝ, පොදු ප්‍රවාහන සෙවා වල ගමන් කරද්දි, මේ කාළකන්නි යන්නේ බැකප් වෙහිකල් දාගෙන ටැපික් පොලොස් කොට්ටෝරුවන්ටත් පුක පෙන්නාගෙනය. එහෙම ගාඩ් පිට ගාඩ් තියෙනා උන්ට, තවත් ට්‍රේනින් දෙන්නේ අහවල් එකටද කියා මට නම් තේරෙන්නේ නැතිය. එහෙම දෙනවා නම්, මුන්ගේ ගාඩ් අයින් කොර ජනතාවගේ මුදල් නාස්තිය වහාම නවතා දැමිය යුතුය.

එහෙම දෙන්නට තීරනය කළහොත් පහත සඳහන් දෑද අපේ මුදලින් මේ කාළකන්නින්ට ලබා දුන්නාට අපේ හිතේ කිසිම කහටක් නැතිය.
  • සෑම මන්ත්‍රිවරයකුටම T 56 ගිනි අවියක්
  • සෑම මන්ත්‍රිවරයකුටම බැකප් වෙහිකල් අවම වශයෙන් පහක්  පමණ.
  • සෑම මන්ත්‍රිවරයකුටම වෙඩි නොවදින, බරක් ඔබාමා භාවිතා කරනා වර්ගයේ ලිමොසින් රථයක්
  • සෑම මන්ත්‍රිවරයකුටම ඇම්බියුලන්ස් එකක්, 
  • සෑම මන්ත්‍රිවරයකුටම වෙඩි නොවදින කබායක්, හෙල්මට් එකක්, (පාර්ලිමේන්තුවේ පැළඳිම සඳහා) 
  • බිරින්දෑවරුන්ටද වෙපන් ට්‍රේනින් සමඟ T 56 ක්, 
  • අවුරුදු 16න් ඉහළ දරුවන් සඳහා රිවෝල්වරයක්
  • 10 පහළ ළමුන් සඳහා පොඩි පිස්තෝල්යක්.
  • අත දරුවන් සඳහා වෝටර් පිස්ටල්
  • සෑම මන්ත්‍රීවරයකුටම රජයේ වියදමින් පාතාල නායකයෙක්
  • සෑම මන්ත්‍රිවරයකුටම අරක්කු තැබෑරුමක්
  • සෑම මන්ත්‍රිවරයකුටම ගණිකා මඩමක් හෝ බොතල් හවුස් එකක්
  • සෑම මන්ත්‍රිවරයකුටම කරෝකේ බාර් ඇරීමේ බලපත්‍රයක්
  • සෑම මන්ත්‍රිවරයකුටම කුඩු හා එතනෝල් ආනයනය කිරීමේ බලපත්‍රයක්
  • සෑම මන්ත්‍රිවරයකුටම මල් අපනයනය කිරීමේ බලපත්‍රයක්
  • සෑම මන්ත්‍රිවරයකුටම පාතාල කොන්ත්‍රාත් සමාගම් ආරම්බ කිරීමට බැංකු ණයක්
  • රජයේ කොන්ත්‍රාත් ලබා ගැනීමෙදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ප්‍රමුඛත්වය ලබාදීම

මේවායින් අති බහුතරය අළුතෙන් ලබා දිය යුතු ඒවා නොවනාතර, පැවති ආන්ඩු තුලද ක්‍රියාත්මක වූ ඒවාය. යහපාලනය තුලද මේවා ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම රටේ යහපත් සඳහාම හෙතු කරනා වනු ඇත..

මගේ රටට දළදා හිමි සරණයි..!!!

86 comments:

  1. Replies
    1. සල් වනේ ලකල්
      පුන් සල් වනේ ලකල්
      අන්න පෙනේ සාධූ සාධූ....
      සල් වනේ ලකල්...

      Delete
  2. අලුත උපන් යමපාලන දරුවාගෙ පලමු උපන්දිනෙත් තාම සැමරුවෙ නැති එකෙ සිරිසේන මාම රට සවාරිම ගහන එකේ රනිල් ලොක්ක පාර්ලිමන්ට් එකේ චන්ඩිය වෙලා ඉන්න එකේ මොනවයින් මොනා වෙයිද කියා දන්නෙ නැති එකේ මක්ක වෙයිද තමා බොලේ..
    මුතු ඇටී දැන් පරි ඇටේ වෙන සයිස් එකට දේසේ පාලුවො වාසෙ කරගෙන නොවෑ.
    සරස්විය සවිය විය දැන් දැන් අරගලයටම,පාතාලය සවිය විය පොලිසියටම,
    හිගන පොලිස්,,වැඩපලන,,, ,, හත් පොලෙ ගාගන්නව කොල්ලො එක්ක හැප්පිල කෙල්ලන්ගෙ ඔලු පලල.
    පොලිස් කොමිසම ගූ හැත්තෑවයි

    ,,,
    අපි මේ සේවය කරන ඉතාලියෙ ජනාධිපති,ඇමතිල පාරෙ යන්නෙ අපි ඉස්කූලෙ ගෙනියන බැග් එක කරේ දාගෙන සාමන්‍ය විදියට,
    අපේ රටේ ලොක්කො නොදෝකින්

    ReplyDelete
    Replies
    1. එක්කෝ පච කෙලින්නේ නැතිව බලේ ගන්න ඕන...

      Delete
  3. "සල් වනේ ලකල්
    පුන් සල් වනේ ලකල්
    අන්න පෙනේ සාධූ සාධූ....
    සල් වනේ ලකල්..." මතලන්ගෙන් කොපි කළා - සල්වනේ ලකල් ! සල්වනේ ලකල් !! සල්වනේ ලකල්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  4. හෙට පෙන්වනවා " සැනසුම කොතනද " මතක තියාගන්න දිනය "හෙට "
    කලබල නොවන්න හෙට වෙනකන් ඉවසා " සැනසුම කොතනද " අනිවාර්යෙන්ම බලන්න
    බලා විඳගන්න

    ReplyDelete
    Replies
    1. හෙට මක්කා පෙන්නන්නද බං.. හැමදාම පෙන්නන එකේ..

      Delete
  5. /ආර්ථිකය නන්න පෝල්ය. බිසිනොස් කුඩු පට්ටම් වෙලාය. තේ ගොයියන්ට වෙලා තියෙන්නේ අතේ ගහන්නය./
    මේවා නන්න පෝල් කරලා තිබුනේ කොහොමත්.පිබි මාමි හුලං පුම්බලා වහන් හිටියට.අඩුගානේ මුන් නන්නපෝල් බව හංගන්නැහැ.

    හෙහ්..ඔහොම යං නේද.

    ReplyDelete
    Replies
    1. මචන් බොරු එපා බන්. ඉස්සෙල්ල 2014 මහ බැංකු වාර්තාව බලල ඉඳපන්. ලංකාවට වෙලා තියෙන්නෙ ආයෝජන ඇණහිටීම සහ අපනයන වෙළඳපොල බිඳවැටීම. උදාහරණ ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය ගනිමු. මරා කල්ලියෙ එවුන් හොරකම් කරන්න හරි චීන ණය අරන් ව්‍යාපෘති කළා. පස්සෙ කොන්ත්‍රාත්කාරයින්ටම ෆන්ඩ් කරන් ප්‍රොජෙක්ට් කරන් යන්නත් (පස්සෙ රජයෙන් රීම්බර්ස් කරන්න ) සෙට් කළා. 2014 දි ඉදිකිරීම් අංශයේ විශාල පිබිදීමක් තිබ්බත් මෙම රජයේ අන්තනෝමතික තීරණ නිසා දැන් ඉදිකිරීම් අංශය විශාල ලෙස බිඳවැටිලා. ගොඩක් රාජ්‍ය ව්‍යාපෘතිවලට පසුගිය දෙසැම්බර් වලින් පසු ගෙවීම් නොකර සස්පෙන්ඩ් කරල. විශාල පිරිසකට රැකියා අහිමි වෙලා. උප-කොන්ත්‍රාත්කාරයො බංකොලොත්වෙලා. මෙය වහා පිළියම් යෙදිය යුතු ප්‍රශ්නයක්.

      අනික් අතින් යුරෝපය සහ ඇමරිකාව දැනට මූල්‍යමය වශයෙන් දුබල නිසා අපිට චීනය, ජපානය, කොරියාව, රුසියාව, ඉරානය ප්‍රමුඛ මැදපෙරදිග ධනවත් රටවල් සමග වඩා යහපත් සබඳතා ගොඩනගාගෙන එය අපනයන වෙළඳාම රැකගෙන දියුණු කිරීමට යොදාගත යුතුයි. නමුත් මෙම රජයේ කයිය මිසක් වැඩ කරන්නට උනන්දුවක් නැහැ. සියල්ලම ඉබේ පහළවෙයි කිය කිය ඉන්නව. හැබැයි මේකට විසඳුම මරා ආයෙත් ගේන එක නම් නෙමෙයි කීයටවත්. අලුත් නායකත්වයකට තිබූ විශාල විභවය වඩාත් පුළුල් වීමක්.

      Delete
    2. චීනෙටත් ඔය සබ්බුවම තමයි හම්බවෙලා තියෙන්නේ, කොන්ක්‍රීට් වනාන්තර හදනකොට රස්සා තිබුනාට, කොමිස් තිබුනාට එවා හදල ඉවරවුනාට පස්සේ නිකම්ම නිකන් ලයබිලිටි වෙනවා, චීනයේ රජයේ බැංකු යොදලා හදපු කොන්ක්‍රීට් නඟර සිය ගනන් පාළුවට ගිහින් ලූ ගෙවල් ගන්න මිනිස්සු නැති නිසා.
      චීනට වැදිල තියන විදිහට, අපි ගෙඩිය පිටින් දුන්නත් පොට් සිටියට චීනා ආයේ සල්ලි නොදාන්නයි වැඩි ඉඩ.
      දුටු ගැමුණුල, පරක්‍රමබාහුල, වැව්, චෛත්‍රය හැදුවෙත් ඔය මහින්ද ලට තිබුනු අරමුණු නිසාමයි, ඒවා ෂෝ එකට හදපු ලයබිලිටි, ඒවා හැදුවට පස්සේ ඒ රාජධානී පාළු වුනා, ඒවායේ හිටි අය හරියට දැන් සිරියාවේ වුන් කරනවා වගේ සාරුසාර පැතිවලට පැනල ගියා.

      Delete
    3. ඇණයා Nut ManNovember 4, 2015 at 6:44 AM

      චීනයේ ඔහොම ආර්ථික අහේනියක් නැහැ බන්. පට්ටපල් බොරු. ඕව ලංකාවේ චීන ආයෝජන නැවත්වීමට හේතු වහගන්න පතුරන කටකතා. බලපන් මේක.
      http://www.focus-economics.com/countries/china

      ඇමරිකන් යුරෝපියන් විදේශ ආයෝජන සීමාකරල තියෙනව පොලිටිකල් හේතුමත.

      http://www.economist.com/sections/china

      http://store.eiu.com/product.aspx?pid=50000205&gid=1800000180&pubid=50001005

      http://www.economist.com/markets-data

      http://www.economist.com/blogs/graphicdetail/2013/11/economistft-survey

      China Economic Outlook (October 20, 2015)

      China’s GDP growth moderated slightly to 6.9% in Q3 after recording a surprisingly-resilient 7.0% in Q2. Following the stock market correction that began in Q2, Chinese authorities have started to roll out measures in recent months to shore up the economy and try to bring this year’s GDP growth close to the official target of around 7.0%. Slowing growth in investment, coupled with healthy dynamics in retail sales in Q3, highlights that China is gradually pivoting the economy away from investment-led growth toward private consumption.

      Delete
    4. මෙන්න අනෝල.. දැන් ඔය පොර ටෝක් දෙන අයියල ටික කතා කරමු බලන්න.

      Delete
    5. ///චීනයේ රජයේ බැංකු යොදලා හදපු කොන්ක්‍රීට් නඟර සිය ගනන් පාළුවට ගිහින් ලූ ගෙවල් ගන්න මිනිස්සු නැති නිසා.///

      මේක ලු ප්‍රත්‍යයෙන් ලියල තියෙන නිසා පැහැදිළිවම හිතා ගන්න වෙන්නේ කවුරුහරි කියපු කෙප්පයක් ගෙඩිය පිටින්ම ගිලීම නිසා දාපු කමෙන්ට් එකක් කියලා...

      Delete
    6. මහින්ද මාමිගේ ඉකොනොමි එක දිව්වේ කළු සල්ලි නිසා.. ඒක ආර්ථිකයෙන් 50% කටත් වැඩියි.. යහපාලනේ යටතේ ඒ සල්ලි එලියට දාන්නේ නෑ.. ඉතින් අඤ කොරොස්...

      ඒ 50% කවර් කරන එක ඉක්මනට කරන්න ඕන.. එහෙම නැත්නම් රනිල් ගොයියට ආයෙත් පිස්සන් කොටුවේ වම තමයි..

      Delete
    7. චීනෙ කෙසේවෙතත් මැද පෙරදිග නම් බිල්ඩිං පාළු වෙලා තියෙනවා.චීන්නු පදිංචියට වර්ගමීටර කීපයක් ගන්න නහින නැහිල්ලෙ හැටියට හඳේ බිල්ඩිං ගැහුවත් ඉඩ මදි.මොකද දැං උංට ළමයි හදන නීතිත් ලිහිල් කරලා තියෙන්නෙ.

      Delete
    8. Anonymous November 4, 2015 at 4:31 AM
      Good comment 100% agree

      Delete
    9. චීනෙ එහෙම නෑ හරිය.... අපේ උන් පිට කොටුවට හිගා කන්න කස්ටිය එවන්නෙ සුපිරි ගණිකාවො එවන්නෙ ලංකාවට වුරුතීය පුහුණුවක් දෙන්ඩ හරිය....

      Delete
    10. You could quote any magazine , the reality is China is tightening their belt. The stats does not reflect the unrest or the middle and lower middle class. Then again , the whole world economy is in dire straits.

      Delete
  6. මගේ රටට අබ සරණයි..!!!...
    දැන් ඉතිං දෙන දේ කලා වෙන දේ බලාගෙන ඉමු..

    ReplyDelete
    Replies
    1. එහෙම බලාගෙන ඉන්න හරි මක්කත් දෙන්නේ නෑ නේ මෙන්ඩෝ...

      Delete
  7. මාතලන්, අපි පුංචි කාලෙ නිවාඩුවට යන්නෙ අපේ අම්මලගෙ ගමේ බෝතලේ.

    ReplyDelete
    Replies
    1. මචන් බෝතල් ඇනෝ. අපිට උඹේවත් උඹේ අම්මගෙවත් ගමෙන් වැඩක් නැහැ. පුළුවන් නම් බෝතලයක් (දෙක තුනක් නම් වැඩිය හොඳා) ගෙනත් අපිට සෙට් වෙයන් බන්. චූටි ආතල් එකක් ගනිමු හිමීට අනුමත වෙන ගමන්. අපිත් කනබොන මිනිස්සු හරිය?

      Delete
    2. බෝතල් ඇනෝ - ඇයි බන් උඹ මාතාගෙ හැම පෝස්ට් එකකම උඹේ අම්මගේ ගම ගැන දාන්නේ? උඹ මෙතන ඉන්න උන්ට කියල උඹේ අම්මට ඔච්චර බන්නව ගෙන ගන්න හදන ආතල් එක නම් මට තේරෙන්නේ නෑ. උඹ පොස්ට් එකට අකමැති නම් උඹේ අවංක අදහස දාපන් මෙතන අහක ඉන්න අම්මට පව් දෙන්නේ නැතුව. මාතට කැමති නැත්නම් උගේ නම්බර් එක ඉල්ලගෙන කෝල් කරලා බැනපන්.

      මටත් මාතාව එච්චර දිරවන්නේ නෑ. ඒත් politics ගැන උගේ viewpoint එක ගොඩක් වෙලාවට ඇත්ත. අනික උඹට මට ඌව දිරවන්නේ නැති උනාට ඌ සිංහල blog ලෝකයේ හිටිය යුතු එකෙක්.

      මාතා - මම ගොඩක් වෙලාවට උඹේ පෝස්ට් කියවන එකෙක්. උඹේ සමහර පෝස්ට් නිකන් පම්පෝරි උනාට ගොඩක් ඒවගේ ගතයුතු ඇත්තක් තියෙනවා. මම හිටන්නේ මම මේ උඹේ blog එකේ comment කරන පලවෙනි වතාව. නිතර comment නොකලත් උඹේ පල් හෑලි කියවන්න අපි ඉන්න බව මතක තියා ගනින්.

      උඹට ජය!

      ම.දි.

      Delete
    3. අම්මගේ අවුලක් නෙමෙයි මචෝ.. තාත්තා කොහේද.. බෙලිඅත්ත පැත්තෙයි...

      Delete
  8. Niyama post eka! Me kalakanni gana kiyala wadak naha!Okkoma apitwa gonata andanawa!

    ReplyDelete
    Replies
    1. මචන් සරා, උඹ හැමදාම "එහෙයි" කියනවට වැඩිය මුකුත් කියන්නෙ නැහැනෙව. ඉතින් කෙටියෙන් "ඔවු ඔබ හරි" කියල දැම්මනම් වැඩිය ලේසියි නේද මචෝ.

      Delete
    2. එහෙම වැඩි කල් අන්දන්න බෑ... ආසියාවෙ හිට්ලර්වත් ගෙදර යවපු බඩු ඉන්නේ මෙහේ..

      Delete
  9. මන්ත්‍රීතුමාට බෝල් ගාඩ් එකක්. තුමියටත් එකක් දුන්නට කමක් නෑ පාරේ යනකොට අඳින්න.

    ReplyDelete
    Replies
    1. උන්ට නෙමෙයි මචෝ අපිටයි දෙන්න ඕන.. පිටිපස්සට දාගන්න.. මාර ඇරිල්ලක් නේ අරින්නේ...

      Delete
  10. ඉල්ලං කෑමට නියමිතයි නං තමා......

    ReplyDelete
  11. මමත් හිතන්නේ රාජපක්ස තුමා ඉක්මනට අගමැති වෙන්න ඕන. එතකොට ලෝක වෙලඳපොලේ තේ රබර් මිල ඉක්මනට ඉහල යයි. ගිය අවුරුදු 10 ණය චීනය ඇතුලු ණය කරුවන් එපා කියල දැනට තියෙන මුදල් ප්‍රශ්ණයට ඉක්මනට විසඳෙයි. දැන් ස්වාධීන කොමිසම් තියෙන කොටත් හොරකම් වෙනවානම් ඒවා පැමිණිලි කරන්න එන්නෙ නැතුව අර දිනේශ්ල, විමල්ල වගේ තැන තැන කිය කිය යන නිසා 21 සංශෝධනය ගෙනල්ල ආයිමත් ජීවිත කාලෙට රජවෙන්න ක්‍රමයකුත් ආවොත් ඔන්න මල් හතයි. ලක්ශ්මන් වසන්ත ගෙයි ජොන්ස්ටන් ගෙයි වහල තියෙන හොර අරක්කු ගුහා ටික ඉක්මනට ඇරගත්තොත් අර 45% කින් වැඩිවෙලා තියෙන සුරා බදු ආදායමත් සුටූස් ගාල පල්ලෙහාට දාගන්න පුලුවන්නේ. අපේ රජා අපට ඕනා. අර ලමයි ටික නම් නියමයි පෙලපාලියක් යන්න මැදමූලන වසන්තය ගේමු.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් බයියා මොඩල් ටොයියෙක්

      Delete
    2. පලයන් බන් නිකන් පොල් බූරු කතා නොකිය. රාජපක්සගේවත් එම කල්ලියේ අනික් හාල්පරුවොන්ගෙවත් මහලොකු ආර්ථික දැක්මක් නැහැ. උන්කලේ හුදෙක් කොමන් සෙන්ස් යොදාගෙන සල්ලිතියෙන ගන්නපුලුවන් තැන් හොයාගෙන ගිහින් මොකක් හරි ජල්තරයක් දාල සල්ලිගත්ත එක. ඊටපස්සෙ පීබී ජයා ගල් කට්ටයා එහෙන් ගත්ත මෙහෙන් දුන්න තියරියෙන් බැලන්ස් එකේ අරන් ගියා. මරාලත් සංදර්ශන තිය තිය ඒකෙනුත් කොටසක් නාස්තිකරා. තව කොටසක් හොරාකෑව. නමුත් ඒක දීර්ඝකාලීනව රටට අවාසියි.

      ලංකාවේ අර්ථිකය ගොඩගන්නට නම් ආනයන සීමාකොට අපනයන ප්‍රවර්ධනය කළයුතුයි. මරාලා පාන්පිටි, සැමන්ටින් එකේ සිට ඛණිජතෙල් ඇතුළු ආනයන වලින් අධික බදු අයකළ එකෙන් (ඔවුන් නොධැනුවත්ව ) තරමක් ආනයන පාලනය වුණා. ඉරානය රුසියාව බඳු අලුත් වෙළඳපොළවල් නිසා තේ රබර් ශේප් වුණත් පොල් වලට කෙළවුනා.

      දැන් අපි අලුත් ඉහල ප්‍රමිතියේ අපනයන නිශ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කළයුතුයි. රටේ අපනයන ආදායම් වැඩිකරගැනීමට කෙටි, දිගු සහ මධ්‍යකාලීනව සැලසුම් ක්‍රියාත්මක කළයුතුයි

      දැන් මෙතන සිද්ධිය අලුත් ආණ්ඩුව කියන කැඳ හැලිය මේ මුකුත් නොකර දේශපාලන වාසි වෙනුවෙන් හෙණගහන්නවගේ ආනයන බදු අඩුකර රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම මූලිකම වරදයි. මුදල් සෙවීමට භාණ්ඩාගාර බැඳුම්කර අධික ලෙස විකිණීම කියන්නෙත් තවත් ණය ගැනීමක් (අධික පොළියට) වගේමම තමයි. අර එලුවගෙ ආහවල් එක වැටෙනකන් පස්සෙන් ගියාවගේ යුරෝපය ඇමරිකාව පස්සෙ හිඟා නොගිහින් දක්ෂ ආර්ථික විශේෂඥ සහය ලබාගෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් නිර්මාණයකරගත යුතුයි.

      Delete
    3. අනෝ November 4, 2015 at 7:53 AM උඹගේ දැනීම ගැන සංතෝසයි. හරියටම හරි. අර එලවලු ආනයනය නවත්වනවා කියල කියපු එක විතරක් කලත් සෑහෙන සල්ලි ප්‍රමාණයක් ගොවීන් අතරට යනවා. අසීමිතව කාර් ගෙන්නීම තමයි විදේශ සංචිත වලට කෙලින්නෙ. අඩුම ගානෙ 1500 cc වලට එහා කාර් ගෙන්නන එක නවත්වන්න ඕනෙ. ආරන්චිය නම් බජට් එකෙන් ගොඩක් දේවල් එයි. ආර්ථික ප්‍රතිපත්තිය වගේ දේවල්. උඹ බ්ලොග් ලියන්නෙ නැද්ද?

      Delete
    4. මෙහෙමයි ඉයන්... උඹ කියන පොයින්ට් එක තේරෙන මිනිස්සු බොහෝම සුළු පිරිසයි රටේ ඉන්නේ.. ඒක ඕන තැනක කතා බහ කරන කොට.. ජනමාද්දියෙද.. සයිබරේද ඕන තැනක පේන දෙයක්..

      අනික් උන් හිතන්නේ බඩ ගැන.. උඹ දන්නවද මහින්ද ගෙදර යැව්වේ ඇයි කියලා.. ඔය එක එකා කියන එකම දේකටවත් නෙමෙයි.. නොනවත්වා මිනිස්සුන්ගේ බඩට ගහපු නිසා.. මෙයාලා මේ විදියට ගියොත් බොහෝම සුළු කාළයයි මිනිස්සු මෙයාලව තියා ගන්නේ..

      බඩු මිළ හස උසට.. මෙයාලා වෙපන් ට්‍රේනින් ඉල්ලනවා.. මාර පන බයිලා ගනවා..

      Delete
    5. රජයේ සේවකයො 1,400,000 කට මසෙට 10,000 ගානේ පඩි වැඩි කලාම අවුරුද්දකට රුපියල් කීයක් ඉල්ලීම පැත්තට වැටෙනවද, සාටකයා වැඩිකලේ 2000 වගේ ගණන් වලින්. ඒක නිසා උද්ධමනයක් ඇතිවෙනවා කියන එක තේරුම් කරන්න මුන්ට වැටහෙන්නේ නැහැ. රජයේ සේවකයෝ පඩියෙන් සෑහෙන ප්‍රමාණයකින් ගෙවන්න ණය අරන් ඉන්න කට්ටිය. මේවගේ විශාල වැඩිවීමක් ඉතිහාසයේ වෙලා නැහැ. මේවගේ ගාණක් එකපාරට අතට ආවම ඒවා ඉල්ලුම පැත්තට අධික බලපෑමක් තියෙනවා. මෙම ඉල්ලුම නිසා නිශ්පාදනයේ වැඩිවීමක් එන්න මාස හයක් විතර යනවා

      Delete
  12. අසාධාරණයි....... අසාධාරණයි......... එතකොට අර අවුරුදු 10ත් 16ත් අතර මන්ත්‍රී පැටවුන්ගෙ ආරස්සාවට මොකද වෙන්නෙ? රටේ ජීවනාලිය ඒ දරු පැටවු නේද මං අහන්නේ...................

    ReplyDelete
    Replies
    1. උන්ටත් මක්කම හරි දෙන්න වෙනවා.. හැබයි එච්චරම අවුලකුත් නෑ උන් හැමදාම අතෙන් ෆයර් කරනවනේ..

      Delete
  13. දේශපාලනේ කියන්නේ ලබ්බේ තොවිලේ වගේ. ලබ්බ එකයි..පාට විතරයි වෙනස. දැන්නම් කොලයි නිලයි කලවම් වෙලා ගූ පාටක් ඇවිත් තියෙන්නෙ.

    ReplyDelete
  14. ....//ඇත්තටම මුන් මේ වෙපන් ට්‍රේනින් ඉල්ලන්නේ ජනතාවගෙන් ආරාස්සා වෙන්න නම් මුන්ට පිස්සුය//...

    මුන්ටනම් කොහොමත් පිස්සුනේ බං.දැන් පාර්ලිමේන්තුවත් පිස්සන් කොටුවක් වගේ තමයි....

    පාදඩයෝ,පාතාලයෝ,මැරයෝ,පිස්සෝ,බඩු කාරයෝ,කුඩු කාරයෝ එක්කොම ඉන්නේ පාර්ලිමේන්තුවේ...

    ReplyDelete
    Replies
    1. දැන් පාර්ලිමේන්තුව නියම නාඩගම් මඩුවක්.. බලේ නැති උන උන් පිස්සු වැටිලා ඉන්නේ...

      Delete
  15. ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න ටයිප් කරන එකත් අපරාදේ කොල්ලනේ... උන් එපා කියල මුන්ට චන්දෙ දෙන මිනිස්සු අවුරුද්දෙන් දෙකෙන් මුන් එපා කියල උන්ට චන්දෙ දෙනවා.. බැලුවාම හැමදාමේ වෙන්නේ එකම දේ... අන්තිමේ හැමදාමත් රට පාලනය කරන්නේ මී හරක්.. එහෙව් රටකට කවදා කලක් යාවිද??? මිනිස්සුන්ට ඕනෑකමක් නැහැ විකල්පයක් ගැන හිතන්න... පාබා නෝනත් පාර්ලිමේන්තු යවපු ජනතාවක් ඉන්න රටක සංවර්ධනය වගේ දේවල් ගැන කතා කරන එකත් විහිළුවක්... ඇත්තෝ කති, බොති, _කති.. නැත්තෝ උඩ බලාගෙන _තේ ගසති කිව්වලු...හැක් ...හැක් ...හැක් ....

    ReplyDelete
    Replies
    1. ඔහොම යන කොට ඉතියෝපියාව වගේවත් වෙන්නේ නැතෑ...

      Delete
  16. පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩාගෙන !!!
    හත් වලාමේ වෙච්ච දේට මක් කොරන්න ද ????

    ReplyDelete
    Replies
    1. ඉතින්... මං මක් කොරන්නද....?

      Delete
  17. අජිත්ලා, විජේදාසලා නං ගූ හතයි. රංජ නං උපන් මෝඩය නෙව.

    ReplyDelete
    Replies
    1. බහුතරයටම පිස්සු මචෝ...

      Delete
  18. එයිටාමාතරව.. මරු වචනේ..

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් භාෂා වෙල්ලො නේ...

      Delete
  19. මාතලන් බොරුවට හතර අතට බැන වැදීම සහ මාධ්‍ය විසින් උඩදාන බෝල වලට පහර දෙමින් සිටිම හැර වෙන කිසිවක් කියන්නේ නැත.
    මාධ්‍ය නිවුස් එකක් දාපු ගමන් මන්ත්‍රීවරුන්ට ආයුධයක් දෙනව කියල උඩ පැන පැන එකට ගහනවාය
    මන්ත්‍රීවරුන්ට කාලකන්ණි කියා බැන වදිනවාය
    හෙට චන්දයක් තිබ්බොත් මහින්ද ඇතුලු හොර නඩය දිනන බවද කිසිදු සැකයකින් තොරව පවසනවාය
    ආයුධයක් එපා කියු පමණින්ම සජිත් පොරක් වෙනවාය

    කාලකණ්ණි කියන මන්ත්‍රීවරුන් අතරින් 196ක්ම සෘජුවම ලංකාවේ මිනිස්සුන්ගෙන් චන්දය ලබාගෙන පැමිණි අයය. මාතලන් චන්දය ඉල්ලුවොත් 10000ක් මනාප ගන්නා එකද ලෙසි නැත. කිසිදු කාලකණ්ණිය කියන මන්ත්‍රී කෙනෙක් හොර චන්ද වලින් පාර්ලිමේන්තුවට රින්ගුවේ නැත.

    අපට මෙලෙස සිදුවී ඇත්තේ සාමන්‍ය මිනිසුන් සිතන විදිහෙ අවුලක් තියෙන නිසාය. ඒ අවුල නැති කිරීම සදහා සංවිධානත්මකව මිනිසුන් දැනුවත් කල යුතුව ඇත. මිනිසුන් විසින් තමන්ගේ ගැටලු හදුනාගනිමින් එවාට විසදුම් සොයන එය තමන්ගේ වගකීමක් ලෙස සිතින මිනිසුන් නිර්මාණය කල යුතුව ඇත.


    ReplyDelete
    Replies
    1. එහෙනං ආණ්ඩුවක් මොකටද බං..... උඹ කියන ජාතියේ රටක් කොහෙද තියෙන්නේ ..... අනේ කියපන්කො බලන්න

      Delete
    2. බංගාරාNovember 4, 2015 at 10:14 PM

      කොහෙන් අපු බුවෙක්ද මේ ,,,,,,,,,,,,,,,,,,තුන්වේලම බත් කනවද?...... අතර මැදදී රොටි එහෙමත් එක්ක

      Delete
    3. බංගාරාNovember 4, 2015 at 10:14 PM

      කොහේහරි තියෙන රටක් දිහා බලාගෙන ඒකට අනුරූපි එකක්ද ලංකාවේ හදන්න ඕන. ආණ්ඩුව කියන්නෙත් මිනිස්සු ගැටලු විසදගන්න එකතුවෙලා හදපු එක ආයතනයක්. පාර්ලිමේන්තුව කියන්නේ අපි අපේ ප්‍රශ්න කතා කරන්න පත්කරපු නියෝජිතයො රුස්වෙන තැන.

      අපි පත්කරපු අපේ නියෝජිතයෙ කාලකණ්ණිනම් , කාලකණ්ණින්ව පත්කරපු මිනිස්සුන්ගෙ අවුලක් නැතිද?

      Delete
    4. ,,තුන්වේලම බත් කනවද?...... අතර මැදදී රොටි එහෙමත් එක්ක
      funny

      Delete
    5. // ඒ අවුල නැති කිරීම සදහා සංවිධානත්මකව මිනිසුන් දැනුවත් කල යුතුව ඇත. මිනිසුන් විසින් තමන්ගේ ගැටලු හදුනාගනිමින් එවාට විසදුම් සොයන එය තමන්ගේ වගකීමක් ලෙස සිතින මිනිසුන් නිර්මාණය කල යුතුව ඇත. //

      ඒක තමයි මේ කොරන්නේ.. ඔයත් බොගක් දාලා ඒ දේ කරන්න උත්සාහ කරන්න..

      වතුර අත ළඟ.. බාල්දිය ළිඳ ළඟ...

      Delete
  20. මුංට හරියට වෙඩි තියන්නවත් පුරුදු වෙන්නැතැ.. අඹ ගහට ගල් ගහනවා වගේ වටේ උනුත් මැරෙන්න තියන්නැතුව.

    ReplyDelete
    Replies
    1. බැක් ෆයර් වෙන ගන් එකක් නම් ඕන් කිසි අවුලක් නෑ...

      Delete
  21. කස්ටියට කියන්ඩ මේ පටං ගත්තෙ Regain Sri Lanka- Episode 2

    මාතලං නරකද මේ ටිකත් අර ලිස්ට් එකට දැම්මොත් ?

    1. මසකට උපත්පාලන මෙව්වා 100ක් නොමිලේ.
    2. 100 වෙනි ඉස්තිරියාව දුෂණය කිරීම සැමරීමට උත්සවශාලා හා කේටරිං සේවා.
    3. අවශ්‍ය ඕනෑම අයෙකුගෙන් කප්පං ගැනීමට නීත්‍යානුකූල අවසරය. ( ගම්පහ හිටපු පරයා කළගෙඩිහෙනෙ රඹුටං විකුණන උන් ගෙනුත් ගත්තා.)

    4. 1 වසර හා 6 වසරට පාසල් ළමුන් ඇතුලත් කිරීමේ අවසාන තීරණ ගැනීමේ නීත්‍යානුකූල අවසරය.
    5. ගුවන් විදුලි / රූපවාහිනී නාලිකාවක්
    6. විභාගයන්ට ඉදිරිපත් නොවී නීති උපාධිය ලබාදීම ( හා MSc)
    7. අභිමත ඕනෑම අයෙක් පොලොස් අත් අඩංගුවෙන් මුදවාගනීමේ බලය

    මතක්කොරල බලන්ඩ තව ඇති.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචෝ... තව මතක් උනොත් දාහන්..

      Delete
  22. // මගේ රටට දළදා හිමි සරණයි..!!! // ???????

    අනේ මාතෝ දැන් දළදා හිමි නෙවේ බුදු හාමුදුරුවෝ ආවත් අම්මට සිරි ලංකාව නම් ගොඩදානවා බොරු..... අන්තිමේ එයාටත් අබ සරණයි කියලා තමයි කියන්න වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං සහතික ඇත්ත

      Delete
    2. බුදු හාන්දුරුවෝ ඉන්දියාවෙන් ආවොත් හෙම කන්න වෙනවා පොරි හැලෙන්නම..

      Delete
  23. ඇයි සීනියර් මිනිස්ටලාට තීරෑ බදු රහිත මිලට වයාග්‍රා

    ReplyDelete
  24. කස්ටිය කරන වැඩ දැක්කම මුන්ගෙන් "යහපාලනය" බලාපොරොත්තු වෙනවාට වඩා ලේසියෙන් ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්ට පුළුවන් වෙයි වගේ.දැන් මුන්ට අඩු වෙලා තියෙන්නේ ඕක විතරයි.තුවක්කු අරන් වෙඩි තියපන් අපිට.

    සජියා මොන තරම් එපා කරපු එකෙක් උනත් ඌට පුළුවන් උනා එපා කියන්න වෙපන්.

    ReplyDelete
  25. හි හි හි හායි මාතලන් අයියේ. සැප සනීප කොහොමද , ඔය තියෙන්නේ යහ පාලනේ යසට, මේක පත්තරේක හරි ටීවී එකේ හරි fb එකේ හරි විහිලුවට හරි දාන්න තියෙන්නේ, ලිමොසින් එක ගැන කියවද්දී එයාලා ආස වෙයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා මටත් ලියවෙන පිස්සු... මේක ඉස්මනට ඩිලීටි කොරලා දාන්න ඕනා...

      Delete
  26. මෙයාලත් කුකුළගෙ කරමලේ සුදු කරයි වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වගේ... මොන වගේද බං... කොරලා ඉවරයි..

      Delete
  27. Me koi yaanneee...
    Passata yaaanneee...
    Kawadada eenneeee...
    Maithree daaanneee...
    Hitan...!!

    ReplyDelete
    Replies
    1. ඉරනම් ගමන වැඩි කල් නොගිහින් යයි වගේ...

      Delete
  28. ඇයි නරකද ඔය පිස්තෝල ,පොදු වෙළඳ භාන්ඩයක් කලොත් .එතකොට ඔය නිකම් දෙන එවයි පුහුණුවයි ගැන ප්‍රශ්නයක් නැනේ .හැමකෙනා ගාවම බඩු තියන නිසා ඔවා පෙන්නලා වැඩදාන එවුන් නැතිවෙයි . ඕක ඉස්සෙලම එලියට අදින එකාට එවෙලේම තව දෙක තුනක් උට කෙලින් උනාම මල් ෂෝ හතයි. ඉස්සරවෙච එකා දිනුම්.එත කොට ඕවා එකේ කුටවත් පාවිචි කරන්න හිතෙන්නේ නැ.උන්ට තියෙන්නයි,අපිට නැති කොටයි නිසානේ ප්‍රස්නේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අම්මපා.. උන්ට දෙනවා නම් අපටත් දෙන්න එපාය.. අපි නිසානේ උන් ඒවයේ ඉන්නේ..

      Delete
  29. ඊයේ රෑ ඇද හැලුණු අනෝරා වැස්සට ගෙය පි‍ටුපස අවුරුදු සිය ගනනක් යෝදයෙක් මෙන්නැගීසිටි ගෙඩි පිරුණු කොස් ගස මුලින් උදුරා වැටී තිබිණි.

    ReplyDelete
    Replies
    1. ග්‍රාමසේවකට හරි තිලක් මාර පනට හරි රිපෝට් කරහන්.. නැත්නම් බඩුම තමයි...

      Delete
  30. මාතා මුන්ට තුවක්කු දෙනවාට වඩා හොදයි ඡන්දෙ දුන්න අපිට ඔලුවට දෙක දෙක දීගෙන ගියානං.... අායෙ මොකට ද තුවක්කු.....

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ මුන්ට දෙන්න ඕන මඩු වල්ග.. අපේ පුකට නෙලන්න...

      Delete
  31. සහත්ක ඇත්ත. මේ යහපාලනේ තව කල් දුවනවා කියන්නෙ ඉතින් ලංකාවට දෙවියන්ගෙම පිහිටයි..
    මුං එනකොට කියපු ඒවායින් මොනවද කලේ?

    වෙපන් ට්‍රේනින් විතරක් නෙමෙයි.. තව ඉස්සරහට හොද හොද සෙල්ලම් පෙන්නයි.

    ReplyDelete
  32. //අත දරුවන් සඳහා වෝටර් පිස්ටල්//
    හුකෑස්!
    මේකට අදහස් දැක්වීමට යාමෙන් සභ්‍යත්වයේ සීමා මායිම් ඉක්මවිය හැකි බැවින් නිහඩ වෙමි! ඔච්චරයි මදි වෙලා තිබුනේ.ඔන්න ඔහේ දීලා දමු..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න