.

.

Mar 9, 2012

රුපියලද...? පතිවතද...? - One Rupee Fools


සිරි ලංකාව කියන්නේ අමුතු රටක්ය. ඉන්නේත් අමුතුම ජාතියේ සැට් එකක්ය. දේශපාලකයෝ, කළාකාරයෝ පමණක් නොව බුද්ධිමත් ජනතාවත් (පට්ට ගොන්නූ.) හිතන්නේත් කියන්නේත් මේක ළෝකෙන්ම හොඳම එක කියලාය. දේසපාලුවෝ හා කළාකාරයෝ නම් කෙලින්නේ කෙප්පය. මොකෝ හැම එකාම සිංගප්පූරුවට නැතිනම් අඩු ගානේ තායිලන්තය වගේ ජරා රටකට හෝ ගොහින් තියෙනවාය. නමුත් දූපතේම ඉන්න එකා හිතාන ඉන්නේ දිවිය ළෝකේ මේක කියලාය. අපි තරම් චන්ඩි ජාතියක්, වීර ජාතියක්, ශ්‍රේෂ්ඨ ජාතියක් තුන් ළෝකේම නෑ කියලාය. ඉතින් ඉන්නේ කොයි වෙලාවේත් උනෙන්මය. හැම එකාම චන්ඩිය. ඒ උනාට ඒ පාට් පෙන්නන්නේ. පහත් එකෙකුටය. මෙහෙම පාට් දාන්න අල්ලන් හිටිය සෙට් එකෙන් එකෙක් කොන්දාය. දැන් ඒ කෙලි හරියන්නේ නැතිය. දැන් කොන්දා කෑල්ලට පාට් දානවාය

ඉස්සර බස් වල ගීයෝ මගියෝය. දැන් යන්නේ කෑලිය. කොල්ලෝ කෙල්ලන්ට කියන්නේත් කෑලී කියලාය. ඒ උනාට බස් කාරයන්ට හැම එකාම කෑල්ලය. උන් ආන්ඩුවටත් වඩා පවර් ෆුල්ය. ආන්ඩුව වැඩි කළ ප්‍රතිසතේටත් වඩා බස් ගාස්තුවට කෙලියේ ඒ නිසාය. පැස්ටෝල් වැඩි කරලාය, ලයිට් බිලටත් කෙලලාය, පාන් ගෙඩියටත් කෙලලාය, පොඩි එකාගේ කිරි පිටි පැකට් එකටත් කෙලලාය. බූමීතෙලුත් නහුතෙටම නැගලාය. නමුත් ප්‍රශ්නේ ඒක නෙමෙයිය. කොන්දා ඉතුරු රුපියල නොදෙන එකය. රුපියල් හතට තියෙන කාලේ තුනම දී, තුන නැතුව වගේ හිය උන් දැන් රුපියලට අඬනවාය. පත්තර වල පිටු පුරවනවාය. රූපවති වෙනම වැඩ සටහන් දානවාය, වයර්ලැස් එකෙත් සංවාද යනවාය.ජීවීතේට බස් එකේ නොයන පාර්ලීමේන්තුවේ හරක්, බුද්ධිමත් ජනයාගේ රුපියල දීපියව් කියා අඬනවාය. වල්ගම, සොරි සොරි වෙල්ගම මහත්තයා නම් කිව්වේ දැන් ජනතාවට සල්ලි තියෙන නිසා රුපියල පුකේ ගහගනින් කියා ඒ සී එකේ යනවා කියාය. ඒ යන කතා බස්, බස් එකෙත් යනවාය කොන්දා හිනාවෙනවාය, ඩයිවරුත් හිනා වෙනවාය, කෑලී රවනවාය.

ලංකාවේ කරුමේ ඕකය. තමන්ගේ වැරැද්ද තියාගෙන අනුන්ට බනිනවාය. මේ කාළකන්නි රටේ හරක්, බස් එකකවත් යන්න දන්නේ නැතිය. ඒකටත් කළාවක් තියෙනවාය. ළෝකයේ අනිත් ජරා රටවල මොන්ටිසෝරීයේදි කියා දෙන්නේ මේවාය. අපේ හරක් බස් එකට නැග්ගාම මොන්ටිසෝරි උන්ටත් හපන්ය. රුපියලට නහයෙන් අඬන්නේ නැතුව මාරු සල්ලි වලින් රුපියල් 9 අරගෙන බස් එකට නැග්ගාම වැඩේ ඉවරය. නමුත් එහෙම නෙමේය. පැය ගානක් බස් ඉස්ටෑන්ඩ් එකේ හිටියත් සල්ලි අදින්නේ බස් එකට නැගලාය. සල්ලි ඉල්ලුවාම ඉඳගෙන ඉන්න එකා හිටගෙන පර්ස් අදිනවාය. නැත්නම් හිටගෙන ඉන්න එකා තන් වලට වැල මිටෙන් ඇන ඇන වෙන ආතල් එකක් ගන්නවාය.. මේ වෙලාවට පොකට් ගහන උන්ට රජ මගුල්ය. ඌ හිඟන්නා මොකාද බර කාරයා මොකාද කියා සමීක්ෂනේ කොරනවාය. නෝනලාත් එහෙමය සල්ලි තන්ගල්ලේ බැංකුවේ පටන් මලු තුන හතරක හොයනවාය. තියෙන ඔක්කොම ලට්ට පට්ට පෙන්නලා තියෙන ලොකුම කොලේ දෙනවාය.

මම අහන්නේ බස් ගාස්තුව අතට අරගෙන බස් එකට නගින්න බැරි ඇයි කියලාය. මාරු සල්ලි සාක්කුවේ දාගෙන යන්න බැරි ඇයි කියලාය. පිරිමී කෑලි වලට කලසමේ සාක්කු තියෙනවාය. නැත්නම් කමිසයේ තියෙනවාය. ගෑණු අය හෑන්ඩ් බෑග්, පර්ස්, කුඩ, මේකප් සෙට්, ෆස්ට් ඒඩ් බොක්ස්, පෑඩ්ස් අරව මේවා අරන් යනවාය නමුත් මාරූ කාසි ටිකක් ගෙනියන්නේ නැතිය. ඒවා ගෙදර තියෙන කැටේට දානවාය. අන්තිමට රුපියල නීසා කොන්දාගෙන් ආප්ප අභිමානෙයි, ජාතික අභිමානෙයි, ආප්ප ගවුරවෙයි, පතිවතයි ඔක්කොම නැති කරගන්නවාය. ඉස්සෙල්ලාම බස් වල යන්න ඉගෙන ගත යුතුය. මේවා බස් මැනස් කියා වෙනම වෙලාවක ලියනවාය. මම කිව්ව දේ කොරලා බලන්නය. මම කොරන්නේ එහෙමය. කිසිම ප්‍රශ්නයක් නැත්තේය.

තවත් එකක් කිව යුත්තේය. කොටුවේ ඉඳලා තොරණ හන්දියට මම මෙච්චර කල් දුන්නේ රුපියල් 15 ක්ය. ඇත්තාම දැන ගත්තේ පරණ ගානයි අළුත් ගානයි දැන් බස් එකේ අලවලා නිසාය. ඒ කියන්නේ හැම එකාම ගිහින් තියෙන්නේ ඒ ගානටය. ඒ කියන්නේ බස් කාරයන්ට රුපියලක් පාඩු වෙලාය. බස් වල ගිය වාර ගාන බලා එම හිඟ මුදල ගැමුණු විජේසූරියට යැවිය යුතුය. මම කාටවත් ණය කාරයෙක් වෙන්න කැමති නැතිය. ඒ නිසා රුපියලට අඬන අයට මම කියන්නේ 16 යේ එකට 15 ක් ගෙවා ගිය කෑලී ඉන්නවානම් එම හිඟ මුදල් මට එවන ලෙසය. මම ඒ මුදල් ගැමුණුට ලැබෙන්න සලස්වනවාය. ස්තූතිය.

" කරුණකර නියමිත මුදල රැගෙන ගොඩවන්න."
බුදු සරණයි...!!!
දෙවි පීහිටයි...!!!
කඳ සුරිදු පිහිටයි...!!!
ආප්ප ගෞරවය රැකගැනීම ඔබ දෑතේ...!!!
"රුපියලද...? පතිවතද...?"

62 comments:

  1. එක දවසේ බස් 5, 6 ක ගියත් මම නං බස් එකට නගින්න කලින් අනිවා සල්ලි අතට ගන්නවා. රු 9.00 ටිකට්‌ එකට හරියටම 9.00 ක් නැත්නම් හොඳම වැඩේ රු. 11.00 ක් දෙන එක. එතකොට කිසි කතාවක් නැතුව එතිරි රු2.00 හම්බවෙනවා. අර කිව්වත් වගේ අපේ මිනිස්සුන්ට මොකද මන්ද බස් එකට නගින්න කලින් සල්ලි අතට ගන්න හිතෙන්නේ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. බස් එකට නගින්නේ වෙන වැඩවලට නේ. ඒ ගැන වෙන වෙලාවක ලියඤ්ඤාං

      Delete
  2. මේ කාලෙ පතිවතට වඩා රුපියල දුප්පතාට වටිනව. මාරු සල්ලි ගැනනං කතා කරල වැඩක් නෑ බං. මම ඔපීසියෙ ලයිසන් කරන දවස් වලට ලේ පුච්චගෙන ගෙදර යන දවස් අනන්තයි. ඉස්සර රුපියල් 302.50ට දුන්නෙ 500 හරි 1000 හරි කොලේ. ගාන දැං වැඩිවෙලා, 605ට දෙන්නෙ 1000කොලේ. හැම එකාටම 95 දෙන්න කොයින්ද මාරු සල්ලි. ඉතිං යවන්න වෙනව මාරුකරගෙන වර කියල. අම්ම මතක් කර කර යනව ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. රුපියල් පහක් හරි එකසිය පහක් හරි නැග්ගනම් ඉවරනේ..

      Delete
    2. මේං කියල දෙයි!

      Delete
    3. ඔය බලපන් බොරුද කිව්වේ, කොන්දා එක්ක වගේ ගේමටමනේ එන්නේ..

      Delete
    4. ඉතිං බං 605 කියල උම්බලම දන්නවනම් රු 95 ඒව ලෑස්ති කරගෙන හිටපන්කො. උඹට බරිනම් උඹෙ ලොක්කට කියපන් ඒත් බෑරිනම් අර 605 යි කියල ගාන හදපු එකාට කියපන්. හෑබෑයි උඹ මතක තියා ගනින් උඹට පඩිය දෙන්නෙ උඹේ ලොක්කවත් ඔය 605 කියල දාපු එවුන්වත් නෙමේ "මාරු කරගෙන වර" කියල යවන එකා ගෙවන ගානින් කියල..

      Delete
    5. නියම සේවය කියන්නෙ මාරු සල්ලිම නෙවේ.

      Delete
  3. කථාව ඇත්ත.පිරිහිලා තියෙන්නෙ දේශපාලකයො,බස්කාරයො,මුදලාලිල විතරක් නෙමෙයි. අපි හැමෝම අඩු වැඩි වශයෙන් පිරිහිලා.

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නේ ආයිබෝවංඩ

      Delete
  4. මේ ගැන මා ත් ලියන්න හිටියෙ...මෙතනදි හරි සරලව සෙක්ෂන් කඩන කොට පහේ කෑලි වලට කැඩුවනම් ඉවරයි..එ ්කියන්නෙ දහ පාලහ විස්ස විසිපහ විදියට...දැන් රුපියල දෙක පාවිච්චි වෙන්නෙ ඕවට විතරමයි. දින ්පාං බනිස් මාලුපාං වේග ඒවත් පහේ ගුණාකාර වලට සෙට්වෙලා..
    එතකොට කිසි අවුලක් නෑ..මේ නමයෙ ගාස්තුව දාපු හරක් මේව ගැන හිතන්න තිබුන..නමයෙ එකයි දොලහයි තියෙනව ඒත් අපි ගාව තියෙන්නෙ රුපියල් දහය තමා කාසි සහ කොල..
    මේව තමා අපේ රටේ ජාතික ප්‍රශ්ණ..
    දුම්රිය සේවය මීට කලින් ඔය වැඩය කලා..ඒ අයගෙ ගාස්තු දැන් යන්නෙ පහේ ගුණාකාර වලින්..දුම්රිය සේවයෙන් කල එකම එක මම දන්න හොඳ වැඩක් ඒක..

    ReplyDelete
    Replies
    1. ඒ පාර පහේ කාසි නැතෙයි කියයි. හොඳම දේ අපි හරියට වැඩේ කරාම ඉවරයි. නැත්තන් ඉතින් දෙනදේ දීලා වෙනදේ බලාගෙන උන්නම ඉවරයි.

      Delete
  5. මට නම් අවශ්‍ය රු. දෙකේ කාසි...

    තිස් දෙකයි.. දොළහයි... කොච්චර දෙකේ කාසි දුන්නත් කොන්දා ළඟ කාසි නැහැ. මක්ක කරනව ද මන්දා.

    හැබෑටම අපි දෙන පොඩි සල්ලි වලට මොනා ද වෙන්නේ..... මා ලඟ නම් පොඩි කාසි වලට වෙනමම හැබිලියක් තියේ. බස් එකේ ගාස්තුව විතරක් දාන් යන්න හෑන්ඩ් බෑග් එකේ පිට පැත්තේ පුංචි පොකට් එහෙකුත් තියේ....

    ටික දවසක් යන කොට නම් තිං රුපියල් දෙක ගන්නෙත් නැහැ.විශේෂයෙන් ගැහැණු දැරිවියන්ගෙන්....

    ReplyDelete
    Replies
    1. ගෑණූ කෑලි වලින් සල්ලි ගන්නේ නැති පැනි කොන්දෝ ඕන තරම් ඉන්නවා

      Delete
  6. අද උදේ කොන්දෙකුට කිව්වා කට උත්තර නැතිවෙන්න , සල්ලි වලට නෙවෙයි . ඉස්සරහට යන්න කියල තල්ලු කරලා . හැබැයි බස් එකේම හිටපු උන් මගේ පැත්තේ ඒ නිසා කොන්ද අකුලගෙන ගියා තනියම කියව කියව , මම බැනිල්ල ඉවර කලේ "දඩාවතේ යන වල් බල්ලො කොන්දොස්තර කමට ආවම හැසිරෙන්නෙත් ඒ විදිහට තමයි " කියලා බස් එකටම ඇහෙන්න කියලා .

    ඔය බැනගැනිල්ල අතර මගේ සපෝට් එකට ආපු අන්කල් කෙනෙක් කොන්දගෙන් ඇහුවේ ,
    "තමුසේ පිටිපස්සෙ ඉඳන් ඉස්සරහට පලයන් කියලා කැ ගහනවා ඩ්‍රැයිවර් උන්නැහැ පිටි පස්සට පලයන් කියල කැගහනවා අපිට කොහෙට යන්න කියලද ඕයි කියන්නේ" කියලා

    ReplyDelete
    Replies
    1. මම නම් උන් කියන කියන් එක කරනවා. කරලා අහනව හරිද පුතා කියලත්. වයසක උන්ගෙන් හිටන්. එතකොට ඌ කූල් වෙනවා.

      Delete
  7. ඔය කොන්දල අතරෙ අදහන්න වටින එවුනුත් ඉන්නවා.
    අද මට ඉතුරු රුපියල් 15 වෙනුවට 20 කොලයක්ම දුන්න නෑ බෑ නොකිය.

    ReplyDelete
    Replies
    1. අපොයි රත්තරන් කොන්දා මහත්තුරු ඕන තරම් ඉන්නවා

      Delete
  8. මන් නම් රුපියල් 10 දෙන්නෙ ආපහු රුපියලක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. සල්ලි තියෙන කමට නෙවෙයි..ඒක ගැන හිතලා ලේ කුපිත කර ගන්නවට වඩා ඒක හොඳ නිසා..හැබැයි සමහර කොන්දො නම් මාව පුදුම කරන්න වගේ ආපහු දෙනවා රුපියල..

    ReplyDelete
    Replies
    1. මාත් ඊමයි පොඩි පොඩි බැලන්ස් ඉල්ලන්නේ නෑ. දුන්නොත් ගන්නවා. ඒ උනාට අපේ ලොකු අම්මත් එක්ක ගාල්ලේ යනකොට පොඩි කාලේ. කොළඹ ඉඳලා විනාඩි 10 න් 10 ට බැලන්ස් එක ඉල්ලනවා. අන්තීමට කොන්දට බැරි තැන මට කිව්වා. මම කිව්වා මන් මක්ක කොරන්නෙයි. අම්මනේ ඉල්ලන්නේ කියලා. ඒ පාර ඌ කඩයක් ගාව නවත්තලා බැලන්ස් එක දුන්නා. ඊට පස්සේ තමයි ලොකු අම්මගේ කට වැහුනේ.

      Delete
  9. මට නම් ඔය ප්‍රශ්නෙ බලපාන්නෙ නැතිවෙන්න පියවර ගන්නව ගොඩක් වෙලාවට.. :)

    පෝස්ට් එකේ මාතෘකාව තමයි එලම... ;)

    ReplyDelete
  10. අමතක කරන්න එපා අපිට අමතක වෙන ඉතුරු සල්ලිත් ළඟටම ගෙනල්ලා දෙන, ප්‍රිය වචනයෙන් කතා කරන, අතේ සල්ලි නැති වෙලාවට කිව්වම නිකම් බස් එකේ එක්කන් යන කොන්දොස්තර මහත්වරුත් ඉන්න වග.

    ReplyDelete
    Replies
    1. මම කිව්වය නැතෙයි කියලා. ඔය කස්ටිය හැන්දෑවට මාර ආතල් එකක් ගන්නවා. හිත හොඳ මිනිස්සු. නිකන් හිතන්න සුළු පටු රැකියාවක්ද කරන්නේ. මාර කට්ටක්නේ කන්නේ. ඒකයි මම කිව්වේ අපි උන්ට සපෝට් එකක් දෙන්න කරුණු තමයි මේකේ තියෙන්නේ. නැත්තන් උන්ගේ ස්ට්‍රෙස් එක කෑලි වලින් තමයි යන්නේ.

      Delete
  11. සමහර වෙලාවට රුපියලක් ඉතුරු දෙන්න නැත්නම් අපෙන් රුපියලක් තියෙනවද කියලා අහලා ඉල්ලගෙන රුපියල් දෙකක් දෙන මිනිස්සුත් ඔය අතර නැතුවමත් නෙමෙයි.. හැබැයි අඩුයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත හොඳ මිනිස්සු ඉන්නවා. අඩුයි.

      Delete
  12. ඔය මොකුත් නෑනේ අයියා හොරෙන් ගියානම් වැඩේ ශේප්.. හැබැයි දුර බස් වල

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නෑ කනියෝ ලේසියෙන් යන්න පුළුවන් කියලා ඉස්සර වගේ.

      Delete
  13. කෝ මම දාපු කමෙන්ටුව?...

    ReplyDelete
    Replies
    1. ෂොරි ඈ.. ස්පෑම් එකේ තිබිලා ඕන් දැම්මා

      Delete
  14. හික්ස්... මරු කතාව.... දැන් තව එකක් තියෙනවා... සත්තු ටිකක් ඇඳලා... උඹලා ඇයි පාපුවරුවේ යන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. ඕක ඉඩ නැති කමට වඩා උනක්. ඒකයි මම කිව්වේ අපේ රටේ උන්ට තියෙන්නේ අමුතුම උන ජාති කියලා.

      Delete
  15. "ADA" paththare [news papaer]Conda chithra kathawe condala innawanam maru.

    ReplyDelete
    Replies
    1. හිතට වහල් වීම මොකක්ද එකකුත් ගියා අපේ කාලේ ඒකද කොහෙද ලස්සන ටෙලියකුත් කරලා තිබුනා සිරස

      Delete
  16. සහතික ඇත්තය.. මමත් මාරු සල්ලි අරගෙන තබා බස් එකට ඔලුව දාන්නේ..

    ReplyDelete
    Replies
    1. මතලන් බොරු කියනවා අඩුය

      Delete
  17. ලංකාවෙ ඉන්න කාලෙ නම් කඩේකට ගිහින් මොනව හරි අරගෙන හරි ගානට බස් ගාස්තුව හදාගෙන තමයි බස් එකට නගින්නෙ.... හැබැයි නිතරම වගේ මාරු කාසි අහුරක් බරට බරේ මගේ පර්ස් එකේ තිබුනා....

    මෙහෙදි නම් අපට ස්මාට් රයිඩර් කියල කාඩ් එකක් තියෙනවනෙ... බස් එකට නගිනකොටයි බහිනකොටයි ඒක ස්කෑන් කළාම හරි.... ඒකෙ බැලන්ස් එකත් බලාගන්න පුළුවන් පුංචි ස්ක්‍රීන් කෑල්ලක් තියෙනව... බැලන්ස් එක අඩුවේගෙන යද්දි ස්කෑන් කරනකොට එන සද්දෙ වෙනස් නිසා දැනගන්න පුළුවන් ආයෙ සල්ලි දාල ටොප් අප් එකක් ගන්න ඕන කියල.... එතකොට ඉතින් ඩ්‍රයිවර්ට ගාණක් දීල ආයෙ සල්ලි දාගන්නව.... කාඩ් එකේ සල්ලි නත්නම් ස්කෑනරේ බීප් බීප් ගානව වරුවක්.... එහෙම එකක් ලංකාවෙත් පටන් ගත්ත නේද...? හැබැයි ඉතින් මෙහේ වගේ නෙවෙයි ලංකාවෙ ඒක කරන්න පුළුවන් වෙන්නෙ ලංගමේට විතරයි.... ප්‍රයිවෙට් බස්වල අයිතිය එක එක කොම්පැනිවලටනෙ... ඒත් මෙහෙත් කොම්පැනි දෙකකින් තමයි කෙරෙන්නෙ.... ඔබා මාම නම් දන්නව ඇති ඒක වෙන්නෙ කොහොමද කියල මයෙ හිතේ....

    ReplyDelete
    Replies
    1. ළෝකයේ ගොඩක් නොදියුණු ජරා රටවල එහෙම තමයි. කොන්දෙක් ඇත්තෙම නෑනේ. අනික රටේ තියෙන කාසි ජාති ඔක්කොම තියෙන බැසිමකුත් තියෙනවනේ. ඒ උනාට අපේ රට ඒ වගේද. තඩි බෝඩ් ඉස්සරහ පස්ස දෙකේම ගහලත් යන තැන කියලා කතා කරලා පිටට අත් තියලා නග්ගගෙන පුකට පයින් ගහලා බස්සන්නේ.

      Delete
  18. //අන්තිමට රුපියල නීසා කොන්දාගෙන් ආප්ප අභිමානෙයි, ජාතික අභිමානෙයි, ආප්ප ගවුරවෙයි, පතිවතයි ඔක්කොම නැති කරගන්නවාය.//

    මොනාද අනේ මේ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. බැලන්ස් එක ඉල්ලුවහම කොන්දා ඒ සේරම නැතිකරනවා.. ඊට වඩා දාහෙන් සම්පතයි. නියමිත මුදල අරගෙන බස් එකට නගින එක.

      Delete
  19. හෙහ් හෙහ්.. සහතික ඇත්ත. වැරදිලාවත් මාත් කොන්දොස්තරෙක් උනොත් මෙහෙම නොකරයි කියල ෂුවර් එකෙක් නෑ. හොඳම වැඩේ නියමිත ගාස්තුව අරං යන එක. එහෙම නැත්නං රුපියලක් ඉතුරු එන්න ඕනෙ නම් තව රුපියලක් දීල රුපියල් දෙකක්ම ඉල්ලගන්නව.

    ReplyDelete
    Replies
    1. එතකොට තව එකෙකුටත් බැලන්ස් එක ලැබෙනවනේ

      Delete
  20. මෙවුව කියන කට අම්මපා ගලක උලාගන උලාගන යනවා,.... ලංකාවේ උන් ගැන කතාකරනවට වඩා ...අය්යෝ සල්ලි..

    ReplyDelete
    Replies
    1. සුදු ගලක නම් අවුලක් නෑ..

      Delete
  21. ඉබ්බා දැම්මනම් ලේසිනේ අයියා.......කැස්බෑ දැම්මනම් ඊටත් වඩා හොඳයි .....:D

    ReplyDelete
  22. අනෙ මන්දා මම හැමදාම ගානට මාරුකාසි අරං එන හන්දා හදිසියෙහරි මම රුපියල් දහයෙ කොලයක් දුන්නොත් කොන්දොස්තර මහත්තයා පොකට් බිලියඩ් ගහලා හරි ඉතිරි රුපියල මට දෙනවා

    ReplyDelete
    Replies
    1. ඌ දන්නවා ඇති අමාරුවෙන් ජීවත් වෙන අය කියලා

      Delete
  23. උඹේ පොස්ට් නිදි මතේ කියෝල වැඩක් නෑ... හෙට හවස ආයෙ එන්නං

    ReplyDelete
  24. මට තාම ඉතුරු නොදෙන කොන්දෙක් සෙට් වෙලාම නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඉතුරු දෙන්න උඹ සල්ලි දෙන්න එපාය

      Delete
  25. බස් වල ගමන යාම ටිකක් අඩු නිසා තාම ප්‍රශ්නයක් නැහැ මටනම්

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අර ගාල්ලේ ගිය ගමන නම් අමතක වෙන එකක් නෑ ජීවීතේට. හෙහ් හෙහ්...

      Delete
  26. Podi kathawak kiyanna da ogollan ta.. Mama den Australia wata evith masa 8 wenawa.. Apu dawas walama ithin melo deyak danne nehe.. mama kadekata ghin mobile ekak gaththa.. gedara evith balanakota bag eke badu nee.. oluwa gini aragena apahu diwwa.. evidda parawal wala hewwa... kohe hoyannada.. brand new mobile eka receipt ekah ekkama kaden deepu shopping bag eka athule.. gatha kenek dei da apahu?? asawa ath erala enakota yaluwek hamba una.. yaluwa kiwwa receipt eka nethi una bag ekee thiyena nisa kokatath kadeta gihin balanna... hambuna kenek kadeta deela ethi kiyala... kiyala wedak nee meya.. mama kade koluwata gihin kiwwa vitharai.. kolla hina wela kiwwa.. sir ge mbile eka lady kenek maga thibila ehidala genath dunna.. sir parakku nisa api mee gedarata post karanna heduwe kiyala....onna ohomai meya api horungen pewathagena ena, avurudu 200 wath ithihasayak nehe kiyala nigraha karana Australia we hediyawa..

    ReplyDelete
    Replies
    1. අපේ වගේ නෙමෙයි ළොකයේ ගොඩක් නිදියුණු රටවල "ලොස් ඇන්ඩ් ෆවුන්ඩ්" සර්විස් තියෙනවා. අන්සතු දෙයක් ලැබුන ගමන් ඒකට දෙනවා.

      Delete
  27. මාරු සල්ලි අරන් බස් එකට නගින්න, කඩවලට යන්න පුළුවන්නම් හොඳයි. ඒත් හුඟක් වෙලාවට මිනිස්සු අතට මාරු කාසි එන පාරවල් දෙකත් ඕවම තමා. පුළුවන් හැම වෙලේම මාරු සල්ලි හොයාගෙන යන එක කාට කාටත් පහසුවක්.

    ReplyDelete
    Replies
    1. අනුන්ට බනින්න පෙර අපි ආදර්ශමත් වෙන්න ඕන. සුළු දෙයක්නේ ඕක.

      Delete
  28. මම නම් හොරෙන් ගිහිල්ල ඇතො ඕනි පදම්.. සුපියලේ එව්ව නම් කීයක්ද... හික් හික්..
    කීප දවසක් ඉතුරු ඉල්ලුවම කීයද දුන්නෙ අහන වෙලාවට 10 ට 20... 20 ට 50 වගේ කියල ඉතිර්ත් ගන්නව.... මම හොඳ ළමයෙකි.

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක සුබවාදි පැත්තක්ද ඇත.

      Delete
  29. අර බස් කාරයට පාදුවෙච්ච් ටික නම් ආපහු ගෙවයි අපේ ජහමනය හැම එකාම , ඒ තරම් සාධාරණ ජාතිය නොව

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න