.

.

Apr 27, 2011

සඳට බය අම්බරුවෝ - Moon Phobia

දරුස්මාන් රූස්සනේම නොමැති වාර්ථාවක් එලිදක්වන බව බොහෝ කල් සිටම අපගේ දේශපාලන හෙන්චයියන් විසින් හෙලිදරව් කළේය.දැන් එම රූස්සන්නේම් නැති වාර්ථාව දරුස්මාන් විසින් මූන්ට ඉදිරිපත් කොට ඔහු විසින් රජය වෙත යොමු කොට ඇත.

දැන් අප කුමක් කළ යුතුද? එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට බලි තොවිල් නටා එ.ජා.සංවිධානය නැති බංගස්ථාන වන්නට එම වත්තේ බලෙන්ම කොඩිවිනයක් වළලා, මූන් සහ කමිටුවේ ඔළුගෙඩි හත්කඩ කට පැලී යන්නට වස් කවි කීමද? එසේ නැතිනම් හන්දියක් හන්දියක් ගානේ මූන්ගේ පබයන් ගිනි තබා අපේ මිලේඡ්චත්වය ප්‍රදර්ශනය කිරීමද?

නැත. මේ අවස්ථාවේදී කළ යුත්තෙ සියළු දෙනාම එකතුව, එයට බුදිධිමත් ලෙස මුහුණ දීමයි. වාසනාවකට සුළු සුළු මත බේද තිබුනද සියළුම පක්ෂ මේ අවස්ථාවේදී එකම ස්ථවරක සිටීම යහපත් දෙයකි. චැනල් 4 සිද්ධියට මුහුන දුන් ආකාරය මෙහිදී සිහිපත් කිරීම වටී. ආන්ඩුවේ ඕනෑ තරම් බුද්ධිමතුන් සිටියත් ඔවුන් කොන්වි රජයන්නේ හාල්පාරූ කට වාචාල ගොන් රැළකි. ඔවුන් ඡන්ද කාලයකදී අම්බරුවන් පීනවීමට වේදිකාවට අත්‍යාවශ්‍යම පුද්ගලයන් වූවත් මේ ඔවුනගේ වේදිකාව නොවේ.

මේ ඌරාගේ මාළු උරාගේම ඇඟේ තබා කපා ගත හැකි මසුරන් කාළයකි. ත්‍රස්තවාදය තුරන් කරන අවස්ථාවේදී ඉන්දියවේ විරුද්ධවීම මුම්බායි ප්‍රහාරයත් සමඟ යට ගියා සේ, ළොව සාමයට ලැදි සියළුම ජනතාව එ.ජා. ක්‍රියාකාරීත්වය හා එහි දැක්ම ප්‍රශ්න කරන මේ අවස්ථාවේ, ඔවුනගේ තර්ක සඳහා තර්කානූකූලව පිළිතුරු සැපයිම කළ යුතුය. එමගින් යහපත් ජාත්‍යන්තර මතයක් පහසුවෙන් ලබා ගත හැක.

සාමයට ලැදි ජනතාව ත්‍රස්තවාදය කිසිසේත්ම අනුමත කරන්නේ නැත. ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන්නේ  පොත් පත් වල තිබෙන අකාරයට හෝ ළොව පිලිගත් යුධ ආචාර ධර්ම වලට අනූකූලව නොවේ. එසේම එයට ප්‍රති ප්‍රහාර එල්ළ කළ යුත්තේද ඒ ආකාරයටම නොවේ. හමුදාව අවසාන කාළයේ එල්ල කළ ප්‍රහාරව්ලින් ත්‍රස්තයන් මවිත වූයේ එහෙයිනි. එවැනි ප්‍රහාරයන් හමුවේ පළිහක් ලෙස යොදාගන්නා සිවිල් වැසියන් සියළු දෙනාම ආරක්ශා කිරීම කළ හැකි කාර්යයක් නොවේ. ඒ බවට සාක්ෂි ඇෆගනිස්ථානයෙන් අදටත් සොයා ගත හැක.

අප කොතරම් දැඩි ලෙස ව්ශ්වාශ තබා සිටියත් රුසියාව හෝ චීනය බරපතලම අවස්ථාවක අප සමග සිටීද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතු කාරනයකි. මන්ද ඉරාන ප්‍රශ්නයේදී එම රටවල් ක්‍රියා කළ ආකාරය ගැන නැවත සිතා බැලීම වටී. ගඩාෆිගේ කල්‍යාන මිත්‍රයෙක් වන බුලොස්තෝනී අද තම මිතුරාට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරයි. රාජතාන්ත්‍රිකව ක්‍රියා නොකිරීමෙන් අප දැනටමත් GSP පහසුකම් අහිමි කරගෙන හමාරය. එය නැවත ලබා ගැනීමට කොතරම් වෙහෙසුනද එකම රටක්වත් අප ගැන අනුකම්පා කළේ නැත.

රූස්සන්නෙ  නැති වාර්ථාව මගින් සියළුම පාර්ශවයන් විවේච්නයට ලක්කොට ඇත. රජය, කොටි, රජය පත් කළ කමිටුව පමනක් නොව දෙමල ඩයස්පෝරාවද එයට ඇතුලත්ය. රජය වෙත එල්ල කොට ඇති චෝදනා වලට පිළිතුරු සැපයිම රජයේම කාර්යයක් පමනක්ම විය යුතු නැත. ඒ සඳහා අප සියළු දෙනාම පෙල ගැසිය යුතුය. රජය පිළිබඳ කොතෙකුත් විවේචන තිබුනද මේ අවස්ථාවේ අප එකා මෙන් සිටිය යුතුය. (උතුරේ සිවිල් ජනතාවට සලකන ආකාරය ගැන කිසිසේත්ම සතුටු විය නොහැක.) ත්‍රස්ත්වාදි සමයේ ජනතාව විඳී වේදනා මරණ බිය අද සැමට අමතකව ගොසිනි. (දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ ජීවිත පිලිබඳව කොතරම් බියකින් පසුවූවෙමුද?) එහෙයින් අප ඒ භිෂනයෙන් මුදවාගත් සියළු දෙනා ආරක්ෂා කර ගත යුතුය.

(යුද්ධයේ 75% කාර්ය භාරයක් ඉටුකළ බවට රජයෙ ජනමාධ්‍ය මගින් ප්‍රකාෂ කළ, සමරු උත්සවයේදී ජනාධිපති ආරාධනයෙන් කේක් කැපු ජනරාල්ට රජය මගින් විෂේශ ආරක්ෂාවක් සපයා ඇති බව මේ අවස්ථාවේ මතක් කර ගත යුතුය.)

6 comments:

  1. හෙහ්, හෙහ්, මිහින්තලේ දඩයමේ ගියාට පස්සෙ ඇවිත් තියෙන්නෙ, එළ, එළ,

    දරුස්මාන් ගොයියගෙ වාර්තාව වගේම තම උඹේ විචාරයත්, නියමයි, සාධාරණයි,සම බරයි,

    ReplyDelete
  2. @ Ravi
    තැන්ක්ස් කිව්ව කොලුවො.......

    ReplyDelete
  3. අපේ වේදිකාවල සිංහගෙන් කරන වාචාල කතා වලින් නම් වැඩක් වෙන එකක් නෑ තමා. නිවැරදි ක්‍රමය විය යුත්තේ තර්කානුකූලව දරුස්මාන්ගේ (නම හරි ඇතැයි සිතමි) ප්‍රකාශන බිඳ හෙලිමයි. සමබරව ලියවුනු සටහනක්...

    ReplyDelete
  4. තෑන්ක්ස් ප්‍රියා.... ප්‍රියා....//

    ReplyDelete
  5. කොහෙද අප්පේ ගෙහුං උන්නෙ?

    ඔය දරුස වාර්ථාව කියන්නෙ කස කාරයො, පෙරහර මඟ. දැක්කනෙ සූඩානෙට දීපු ගේම.

    ReplyDelete
  6. වෙන්න තියෙන හැම දේම උනා.....

    ඔහෙත් බයවෙලා වගේ.. මේව ඔක්කොම යට යනව, බින් ලාඩන්ගේ ගේම නිසා...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න