.

.

May 7, 2010

ප්‍රීතිමත් යුග දිවියකට .... - Happy Family Life



මම කලින් කතාවෙ කීව්ව නේ මගේ ප්‍රශ්න කිරිල්ල ගැන, මේකත් ඒ වගේම පැහැදිලි උත්තරයක් නොලැබුනු නිසා වෙච්ච සිද්දියක්. හැම වෙසක් කාලයකදීම මට මේ කතාව මතක් වෙනව.

ඒ කාලේ වෙසක් එකට ලස්සන ලස්සන බකට් එල්ලනව. කොච්චර ලොකු කූඩුවක් හැදුවත් හැම ගෙදරම වගේ බකට් ටිකකුත් එල්ලනව. මේ තරම් ලයිට් ගැජට් නැති ඒ කාලේ, රෑට බකට් එලියෙන් ලැබුනෙ පුදුම ලස්සනක්.

පොඩිම කාලේ වෙසක් සිරි නරඹන්න යන්නෙ අපේ ගෙදර නැවතිල හිටිය ලොකු අම්මගෙ පුතාල දෙන්නයි එයාගේ යාලුවොත් එක්ක. එක අයියා කෙනෙකුගෙ ආදරේට කියන නම ප්‍රීතී. බකට් අතරෙ එක බකට් පේලියක් තිබුන "ප්‍රීතී වෙසක්" කියල, මේක දැක්කම කට්ටියම හිනා වෙනව. මම ඇයි හිනාවෙන්නෙ කියල ඇහුවම, කට්ටිය එක්ක තවත් හිනාවෙනව මිසක් උත්තරක් දෙන්නෙම නෑ.

ඔය දවස්වලම තමයි, පත්තරේ දැන්වීම් ගියේ "ප්‍රීතිමත් යුග දිවියකට - ප්‍රීතී" කියල, යුග දිවිය කියන එකට උත්තරේ ලැබුනත් "ප්‍රීතී" කියන එකට පැහැදිලි පිළිතුරක් "දයිය" ගෙන්වත් ලැබුනෙ නෑ. එයත් කිව්වෙ මල්ලි තව චූට්ටක් ලොකු උනාම කියල දෙන්නම් කියල. මැනිකගෙන් ඇහුව, කඩේ ප්‍රේමසිරි අයියගෙන් ඇහුව, ඒත් ලැබුන උත්තරේ තමයි "පස්සෙ කියල දෙන්නම් කියන එක."

ගමේ සීය ඇවිල්ල (තත්තගෙ තත්තා), අම්මටයි ආච්ච්ටත් (අම්මගෙ අම්මා) හොරෙන්, ඉස්තොප්පුවේ රහස් සාකඡ්ඡාවක්. මමත් පත්තරේකුත් අරගෙන ගිහිල්ල දෙන්නට කිට්ටුවෙන් බිම දිගා වෙලා පත්තරේ බලනව වගේ කතාව අහගෙන හිටිය. (ලොකු අය කතා කරන තැන්වල ගැවසෙන හොඳ පුරුද්ද ප්‍රගුන කල කෙනෙක් මම.)

දෙන්න කතාවෙන්නෙ, මැතකදි කසාද බැඳපු බාප්ප ගැන. (තත්තගෙ මල්ලී ගැන, එයාගෙ පෙර වැරදි ගොඩක් තිබුන කියල දැනගත්තෙ පසු කාලෙක, ඒත් අර හොඳ පුරුද්ද නිසා).

කතාව දිගටම යනව.

"හැමදාම රන්ඩු, දැන් අහල පහල අයත් දන්නව, මමත් අවවාද කලා, ඒත් අඩුවක් නෑ", "ඔහේවත් මල්ලි එක්ක මේ ගැන කතා කරල බලන්නයි කියල යන්න වැඩිපුරම ආවේ."

"මටත්, එහෙන් මෙහෙන් ආරංචි උනා. (ඒ කාලේ සන්නිවෙදනය බොහොම දුර්වලයි.), අනේ මං දන්නෙ නෑ තාත්තෙ, තාත්තා කියන නිසා මම කතා කරල බලන්නම්"

මගේ දැනුම ප්‍රදර්ශනය කරන්න හොඳම අවස්ථාවක් මේ.

"ඉතිං සීයේ, බාප්පට කියන්නකො සතුටෙන් ඉන්න "ප්‍රීතී" ගන්නෙයි කියල."

කතාවේ ඉතුරු ටිකත්, මම ම කියන්න ඕන නැහැනේ..........

11 comments:

  1. දැනුම් තේරුම් තියෙන ළමයෙක්ට වුනත් අපේ සමාජයේ ලිංගිකත්වය ගැන එයට අදාල දේවල් ගැන තේරුම් කරලා නොදෙන එකෙන් ළමයි කොයි තරම් දෙනෙක් අමාරුවේ වැටෙනවාද . . . ?

    ප්‍රීති ගැන දැනගෙන හිටපු ළමයෙක්ට ඒකෙන් කෙරෙන කාරිය ගැන දැනගෙන උන්නු ළමයෙක්ට අහම්බෙන් යෞවන වයසේදී ලිංගික අත්දැකීමක් ලබන්න සිදුවොනොත් 33 කාමරේට බෙහෙත් ගනන් යන්න වෙන එක නතර කර ගන්න තිබුනා නෑද කියලා අපි කීයෙන් කීදෙනෙක්ද හිතන්නේ . ..

    ReplyDelete
  2. මේ ගන විවුර්තව ලමයි එක්ක් කියලා දෙන්න ඔනේ ..නැත්නම්.......දැනට තියන සමාජ ගැටලු......තවත්..වැඩිවෙනවා......අපි එලිපිට කතා කරන්න ඔනදේවල් තමා කතා කරන්නේ නැතුව ඉන්නේ......

    ReplyDelete
  3. ඉතින් සීයා මොකද කියුවේ
    මම තොට පස්සේ කියන්නම් කියලද

    ReplyDelete
  4. අපේ තාත්තා එච්චරම සැර කෙනෙක් නෙවෙයි. ඒකට සීයා...
    වෙන්න ඕන සියල්ලම සිද්ධ වුනා....

    වතුර ගහන සියල්ලන්ටම පින්...........

    ReplyDelete
  5. සීයල මුණුපුරාලට ගහනව? ඔය මං ඇහැව්වමයි.

    ReplyDelete
  6. මමත් පොඩි කාලෙ ඉදන්ම ගොඩක් දෙවල් එකතු කරගත්තෙ ලොකු උන්ගෙ කතාවලට කණ තියන් ඉදලා, කණ පලාගෙන තියන වාර අනන්තයි.. හික්ස්

    ReplyDelete
  7. @ කතන්දර

    කවුද අනේ කිව්වේ ගැහුව කියල. මායි මල්ලියි සීයගෙන් ගුටී කෑවේ නැති උනාට. බාප්පගෙ පොඩි එවුන් දෙන්න නම් හොඳට කෑව සීයගෙන්. මොකද උන් හැදුනේ ගමේ.

    @ රවා

    ඒව තමයි ජීවිතේ රස විඳින්න තියෙන දේවල්. අදත් මම මරුමූස් කොල්ලනටයි කෙල්ලන්ටයි දෙගොල්‍රන්ටම කැමතියි.

    ReplyDelete
  8. ඔන්න ඕකනේ පොඩි කාලෙ ඉදන්ම හොරාට අහං ඉදලා....තාමත් ඒ පුරුද්ද තියනවද????

    ReplyDelete
  9. ප්‍රීති කියන නම දැම්මෙ චින්තන ජයසේනලු. බුවා තමයි වික්ටර්ට සයන්න දීල තියෙන්නෙත්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න